වකුගඩු ලබාදිම වෙනුවෙන් වවුචර් පතක් හදුන්වාදෙයි
විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

වකුගඩු පරිත්‍යාග කිරිම සදහා ඇමරිකාවේ හදුන්වාදුන් වවුචර්පත් ක්‍රමය නිසා එරට වකුගඩු පරිත්‍යාග කරණ ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී තිබේ.යම් අයෙකුට අවයවයක් අවශ්‍ය නම් ඔවුන් බද්ධ කිරීමට සිටින අයගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතුය.නමුත් අවශ්‍ය ප්‍රමාණයට අවයව නොලැබීම නිසා දිනපතා පුද්ගලයන් 12 දෙනෙකු පමණ එරට මිය යයි.
යමෙකුට අවයවයක් පරිත්‍යාග කිරීමේදී පරිත්‍යාග කරණ කෙනා හා ලබා ගන්නා කෙනා අතර ජීව විද්‍යාත්මක ගැලපිමක් සිදුවිය යුතුය.නැතිනම් එම අවයවය ලබා ගැනීමට නොහැක.මේ නිසා බොහෝ රෝගින්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට තමන්ගේ අවයව ඔවුන්ගේ රෝගියාට ප්‍රධානය කිරිමේ අවස්ථාව මග හැරි යයි.මේ නිසා ලොස් ඇන්ජලීස් නුවර කැලිෆොනියා විශ්ව විද්‍යාලයේ ජෙෆ්රී වීලේ සහ කණ්ඩායමක් විසින් වව්චර් ක්‍රමයක් හදුන්වා දී ඇත.මෙමගින් රෝගියෙකුගේ ඥාතියෙකුට හෝ හිතවතෙකුට තමාගේ රෝගියාට නොගැලපෙන වකුගඩුවක් වුවද වෙනත් රෝගියෙකුට පරිත්‍යාග කල හැකි අතර එහිදි ඔවුන්ගේ රෝගියාට වව්චරයක් හිමිවේ.එසේම එම අවයවය ලබාගන්නා රෝගියාගේ ඥාතියෙකු විසින් ලබාදෙන අවයවය වෙනත් රෝගියෙකුට හෝ ඔහුට අවයවය ලබාදුන් පුද්ගලයාගේ රෝගියාට ලබාදිය හැක.
වව්චර් පත් වලින් තමන්ගේ රෝගියාට අවයව ලැබීම සහතික කරනු ලබන අතර මෙමගින් අවයව පරිත්‍යාග කිරීමේ දාමයක් ඇතිවන අතර එය අවයව පරිත්‍යාග කිරිම වැඩි කිරීමට හේතුවේ.මෙහිදි අදහස් දක්වන ජෙෆ්රි වීලේ ඉතිහාසයේ පලමු වරට අපට පොරොත්තු ලේඛණයේ කාලය වැයවීම අඩුකිරිම පටන්ගැනිමට හැකියාව ලැබී තිබෙනවා යැයි ප්‍රකාශ කරනවා.