EducationalForeign විදේශිය පුවත්

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව ඉබෝලා රෝගීන් තිදෙනෙක් හමුවේ

Three new Ebola cases detected in Democratic Republic of the Congo

නැඟෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මාරාන්තික ඉබෝලා වසංගතය අවසන් බව ප්‍රකාශයට පත් කිරීමට දිනකට පෙර නව ඉබෝලා රෝගය ආසදිතයන් තිදෙනෙක් අනාවරණය වී තිබේ.1976 දී ඉබෝලා ගඟ අසල මිනිසුන්ගෙන් ප්‍රථම වරට අනාවරණය වූ දින සිට වෛරසය පැතිරීම 10 ක් ඇති කොංගෝ රාජ්‍යය තුළ නැවතත් වසංගත තත්වයක් ඇතිවිමේ අවධානමක් ඇති වි තිබේ.

උතුරු කිවු පළාතේ බෙනී නගරයේ 26 හැවිරිදි පුද්ගලයෙකු ඉබෝලා රෝගයෙන් මියගිය බව ඒරට සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා තහවුරු කළේය. එම සෞඛ්‍ය මධ්‍යස්ථානයේම ප්‍රතිකාර ලැබූ මාස 11 ක දැරියක් ද මිය ගිය බව ඉරිදා නිවේදනය කරන ලද අතර 7 හැවිරිදි දැරියක් මේ වන විට වෛරසය සඳහා ප්‍රතිකාර ලබමින් සිටී.
මීට පෙර මෙම වසරේ පෙබරවාරි 17 වන දින ඒරටින් අවසන් වරට ඉබෝලා රෝගය වාර්තා වී ඇති අතර 2018 අගෝස්තු මාසයේ සිට පුද්ගලයින් 2200 කට වැඩි පිරිසක් මියගිය වසංගතය අවසන් කිරීමට ආසන්නව සිටි මධ්‍යම අප්‍රිකානු රටක්වු කොංගෝවට මෙම නව ආසාදිතයන් හමුවිම කනගාටුදායක පුවතකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ වසංගතය අවසන් ඒරට රජය බවට නිවේදනය කිරිමට සුදානම් වුවත් තවත් රෝගින් මතු වීමට හැකිබව තම සංවිධානය අනුමාන කල බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මාධ්‍ය ප්‍රකාශයක් කරමින් “මෙය සුභදායි ප්‍රවෘත්තියක් නොවුනත් මෙය අප අපේක්ෂා කළ සිදුවීමක්” යැයි පැවසීය. “අපි නිශ්චිතවම බෙනී සහ අනෙකුත් අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රතිචාර කණ්ඩායම් තබා ගත්තා.”
අධි අනතුරු ඇඟවීම

ඉබෝලා නිරීක්ෂණ පද්ධතියේ කොටසක් ලෙස, භූමියේ සිටින සෞඛ්‍ය කණ්ඩායම් සෑම දිනකම අනතුරු ඇඟවීම් විමර්ශනය කරමින් සිටිති. මේවා ඉබෝලා රෝග ලක්ෂණ ඇති අයගේ වාර්තා විය හැකිය. මේ වන විට රටේ නැගෙනහිර පළාත්වල අනතුරු ඇඟවීම් 2600 ක් විශ්ලේෂණය කරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉදිරි දින 80 සඳහා දැඩි අවධානයෙන් සිටීමටත්, මාස 18 ක නිතිපතා පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස ඉබෝලා රෝගයෙන් පෙළෙන අයට ප්‍රතිකාර ලබා දීමටත් සෞඛ්‍ය බලධාරීන් දැනටමත් සැලසුම් කර තිබුණි.

නව ආසාදිතයන්ට එන්නත් ලබා දීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම සඳහා නව සම්බන්ධතා ඇති විය හැකි සම්බන්ධතා සොයා ගැනීමට දැන් උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතී. නව ආසාදිතයන් කිසිවක් මතු නොවන්නේ නම්, ඉබෝලා වසංගතය අවසන් කිරිම සදහා කොංගෝ රජයට තවත් දින 42 ක් ඉවසා සිටිය යුතුය.ඒනම් වෛරසයේ ආසාදිත විය හැකි කාල චක්‍ර දෙකක් සදහා ගත වන කාලය.
මෙම පසුබෑම මගින් වෛරසයක් තුරන් කිරීමේ දී ඇති විශාල අභියෝගය අවධාරණය කරයි. පසුගිය මාසයේ කොංගෝ රාජ්‍යයට නව කොරොනා වෛරසය පැමිණීම ගැටළුව තවත් උග්‍ර කරයි.

හදිසි අවස්ථා ත්‍රිත්වයක්
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර බේරා ගැනීමේ කමිටුවේ මානුෂීය සංවිධානයේ කේට් මොගර් මෙම තත්වය “ත්‍රිත්ව හදිසි අවස්ථාවක්” ලෙස හැඳින්වීය. “අඛණ්ඩ මානුෂීය අර්බුදයන්ට මුහුණ දෙන අවදානමට ලක්විය හැකි ජනගහනය, COVID-19 පැතිරීම සහ දැන් යළිත් මතුවිය හැකි ඉබෝලා අර්බුදයක්” ඇය පැවසුවාය.

ඉබෝලා වෛරසය සති ගණනාවක් වෛද්‍ය උපකරණවල ක්‍රියාකාරීව පැවතිය හැකි අතර සුවය ලබා දින 550 කට වැඩි කාලයක් ගතවී ඇති පුද්ගලයෙකුගේ ශුක්‍රාණු හරහා සම්ප්‍රේෂණයවිමේ දුර්ලභ අවස්ථාවක්ද වාර්ථා වී ඇත.

2019 දී කරන ලද අධ්‍යයනයකින් අනතුරු ඇඟවූයේ, වසංගතය අවසන් වී ඇති බවට විශ්වාසයෙන් යුතුව පැවසීමට දින 42 සීමාව ප්‍රමාණවත් නොවිය හැකි නිසා සංකීර්ණ ආරක්ෂක තත්වය නිසා කොංගෝ රාජ්‍යය සමහර අවස්ථා හඳුනා නොගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, බලධාරීන් ප්‍රකාශ කරනුයේ කොංගෝ වැසියන් 300,000 කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් එන්නත ලබා දී ඇති බැවින් නව සිද්ධීන් නිසා වෛරසය නැවත පාලනයෙන් තොර විමට ඉඩක් නොමැති බවය.

මුලාශ්‍ර: Peter Yeung in Congo
www.tap.lk
APRIL@2020- Three new Ebola cases detected in Democratic Republic of the Congo

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close