Foreign විදේශිය පුවත්Life Style & Fashion

කොවිඩ් -19 න් පිරිමින්ට වැඩිපුර රෝග ලක්ෂණ ඇතිවීමටත් මිය යාමටත් වැඩි ඉඩක් ඇත්තේ ඇයි?

Why are men more likely to get worse symptoms and die from covid-19?

වැඩිහිටි පුද්ගලයින් covid-19 වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව අපි දනිමු, නමුත් තවත් ප්‍රධාන අවදානම් සාධකයක් මතු වී ඇත.ඒනම් පිරිමියෙක් වීම.
කොවිඩ් -19 බරපතලකම ලිංගිකත්වය අනුව වෙනසක් ඇති බව පළමු වරට හදුනාගන්නා ලද්දේ වූහාන් නගරය හුදකලා කර ටික කාලයකට පසුව වුහාන් හි රෝහල් වාර්තා වලිනි. ජනවාරි 30 වන දින ෂැංහයි ජියාතොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ කණ්ඩායමක් ජනවාරි 1 සිට ජනවාරි 20 දක්වා කාලය තුළ ජිනින්තාන් වුහාන් රෝහලට ඇතුළත් කළ කොවිඩ් -19 රෝගීන් 99 දෙනෙකු පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී.එහි දත්ත වලට අනුව රෝගි පිරිමින් සංඛ්‍යාව කාන්තාවන්ට වඩා දෙගුනයකින් වැඩි බව ඔවුන් නිරික්ෂණය කරන ලදි.

ඒසේම මරණ අතර ද ලිංගිකත්වය අනුව වෙනසක් ඇති බව නිරික්ෂණය විය. නිදසුනක් වශයෙන්, ජනවාරි 1 සිට 30 දක්වා වුහාන්හි රෝහල් 21 මරණ නිරික්ෂණයේදි මියගිය අයගෙන් 75% ක් පිරිමින් බව අනාවරණය විය.එතැන් සිට, වෙනත් රටවලින් කරන ලද විශාල අධ්‍යයනයන් මෙම පෙර සොයාගැනීම් වලට සමාන ප්‍රතිඵල ලැබි ඇත. නිදසුනක් වශයෙන්, එංගලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ, දැඩි සත්කාර සඳහා ඇතුළත් කර ඇති බරපතල රෝගී රෝගීන්ගෙන් සියයට 70 ක් පමණ පිරිමින් වන අතර, කාන්තාවන්ට වඩා පිරිමින්ගෙන් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත.
නිව් යෝර්ක් නගරයේ රෝහල්වල රෝගීන් 4000 කට වැඩි සංඛ්‍යාවකින් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ සියයට 62 ක් පිරිමින් බවයි.නිව් යෝර්ක් අධ්‍යයනයෙන් සොයාගෙන ඇති තවත් කරුණක් වනුයේ වෛරස ආසාධනයට පුරුෂයින් හා ස්ත්‍රීන් ඒක සමාන ආකාරයෙන් ලක් වන බවත් ඒයින් පිරිමින් වැඩිවශයෙන් දරුණු රෝගාබාධ හා මරණ වලට ලක් වන බවත්ය.

දුම් පානය සහ ACE2

මීට පෙර වසංගත තත්වයට පත්වු කොරොනා වෛරස් රෝග දෙකක් වන SARS සහ MERS ද පිරිමින්ට අසමාන ලෙස බලපාන බව සොයාගෙන ඇත. නමුත් සාමාන්‍යයෙන් ශ්වසන ආසාදන වල තත්වය මෙය නොවේ. එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පිළිබඳ වාර්තාව 2017 සහ 2019 අතර වෛරස් නියුමෝනියාවෙන් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් පිළිබඳ ලිංගික දත්ත පිළිබඳව සොයා බැලීය. මෙම පරික්ෂණ නියදිය තුළ පිරිමින්ගේ අතිරික්තයක් ද පැවතුණි, නමුත් අනුපාතය අඩු මට්ටමක පැවතුනි.එනම් සෑම කාන්තා මරණ 46 කටම පිරිමි මරණ 54 ක් ලෙස.

ලිංගික වෙනස සඳහා එක් හේතුවක් විය හැක්කේ දුම් පානයයි. චීනයේ පිරිමින්ගෙන් අඩකට වඩා දුම් පානය කරන නමුත් කාන්තාවන්ගෙන් දුම්පානය කරන්නේ සියයට 5 ක් පමණි. දුම්කොළ දුමාරය නිසා පෙනහළු සෛල වල ACE2 නමින් මතුපිට ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් නිපදවීම සිදුවන වන අතර මෙම ප්‍රෝටීන මගින් වෛරසය වලට පෙනහළු සෛල වලට සම්බන්ධ වී ආසාදනය විමට වැඩි හැකියාවක් ලැබෙන බව සදහන් කරයි. මෙයින් අදහස් කරන්නේ දුම්පානය මගින් සෛල වෛරසයට ගොදුරු විමේ හැකියාව වැඩි බවයි.
කෙසේ වෙතත්, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ලොස් ඇන්ජලීස් හි හුවා ලින්ඩා කායිගේ විශ්ලේෂණයකට අනුව, මෙම උපකල්පිතයට දත්ත සහාය නොදක්වයි. වර්තමාන දුම් පානය කරන්නන් සිටින්නේ චීනයේ කොවිඩ් -19 රෝගයෙන් දරුණු ලෙස රෝගාතුර වූවන්ගෙන් සියයට 12.5 ක් පමනි. එය සාමාන්‍ය ජනගහනයේ දුම් පානය කරන්නන්ගේ අනුපාතයට වඩා බෙහෙවින් අඩු ය.

පිරිමින්ට වෛරසය හානි කිරිම වැඩිවිමට තවත් හේතුවක් ලෙස අනුමාන කරණුයේ පිරිමින් විශේෂයෙන් වැඩිහිටි පිරිමින් සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා දුර්වල සෞඛ්‍ය තත්වයෙන් සිටීමයි. ඔවුන් තරබාරුකම, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා, පෙනහළු හා හෘද රෝග වැනි ඉහළ රෝග අනුපාතයක් පෙන්නුම් කරන අතර, මේ සියල්ලම කොවිඩ් -19 බරපතලකම සමඟ සම්බන්ධ වී ඇත. නමුත් නිව්යෝර්ක් අධ්‍යයනයේ පර්යේෂකයන් මෙම තත්වයන් ඔවුන්ගේ විශ්ලේෂණයට ලක්කල විට, ලිංගිකත්වය තවදුරටත් දැඩි කෝවිඩ් -19 සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි.

ප්‍රතිශක්තිකරණ වෙනස්කම්

සමහරවිට ඒ හා සම්බන්ධ අදහසක් නම් කාන්තාවන්ට ස්වාභාවිකවම ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ආරක්ෂාවක් තිබිය හැකි බවයි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ පිලිප් ගුල්ඩර් පවසන්නේ “පිරිමි සහ ගැහැණු සතුන් අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සැලකිය යුතු වෙනස්කම් ඇති අතර මේවා පුළුල් පරාසයක බෝවන රෝගවල ප්‍රති ඵල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

එක් ප්‍රධාන වෙනසක් වන්නේ කාන්තාවන්ගේ එක් සෛලයක එක්ස් වර්ණදේහ දෙකක් ඇති නමුත් පිරිමින්ගේ සෛලයක එක ඒක්ස් වර්ණදේහයක් පමණක් තිබීමයි. “තීරණාත්මක ප්‍රතිශක්තිකරණ ජාන ගණනාවක් එක්ස් වර්ණදේහයේ පිහිටා ඇත” යැයි ගුල්ඩර් පවසයි. විශේෂයෙන් එහි ඇති ජාන වලින් නිපදවෙන TLR7 නම් ප්‍රෝටීනය කොරොන වෛරස් වැනි තනි දාම RNA වෛරස් හඳුනාගැනිමට සමත් වේ. “මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ප්‍රතිශක්තිකරණය සදහා උපකාරි වන TLR7 ප්‍රෝටීනය පිරිමින් හා සසඳන විට කාන්තාවන්ගේ සෛල වලින් දෙගුණයක මාත්‍රාවකින් නිපදවේ. එබැවින් කොරෝනා වයිරසයට ඇති ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය කාන්තාවන් තුළ විශාල වේ.”

එක් ගැහැණු සෛලයක එක් එක්ස්-වර්ණදේහයක් සාමාන්‍යයෙන් අක්‍රිය වී ඇති නමුත්, සමහර ප්‍රතිශක්තිකරණ සෛල වලින් ටීඑල්ආර් 7 ජානය කෙසේ හෝ ගැලවී අදාල ප්‍රෝටීනය නිපදවයි, එයින් අදහස් කරන්නේ කාන්තාවන් වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් නිපදවන බවයි.

එස්ටජන් සහ ප්‍රොජෙස්ටරෝන් වැනි කාන්තා ලිංගික හෝමෝන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන බවට සමහර සාක්ෂි තිබේ, නමුත් මෙය තවමත් කොවිඩ් -19 හි නිශ්චිතවම විමර්ශනය කර නොමැත.

තවත් හැකියාවක් නම් පිරිමින් සනීපාරක්ෂාව අඩු වීමයි. අත් සේදීම වැනි මූලික සනීපාරක්ෂක පියවරයන්ට ඔවුන් අනුකූල වීම අඩු බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කුනිහිරෝ මට්සුෂිටා පවසයි.

චීනයේ ලිංගික වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ රෝහලේ කොවිඩ් -19 සහිත පිරිමින් වෙනත් වෛරස් උණ සහ බැක්ටීරියා ඇතුළු රෝග වලට ආසාධනය වු අය විමට වැඩි ඉඩක් ඇති බවත්, මෙය කෝවිඩ් -19 රෝග ලක්ෂණ වල බරපතලකම වැඩි කළ හැකි බවත්ය.

මුලාශ්‍ර : ග්‍රැහැම් ලෝටන්
www.tap.lk @2020 APRIL-Why are men more likely to get worse symptoms and die from covid-19?

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close