BusinessForeign විදේශිය පුවත්Space අභ්‍යාවකාශය

දිගු අභ්‍යවකාශ ගමන් මගින් ගගනගාමීන්ගේ මොළයේ පරිමාව වැඩිවේ.

Long space flights can increase the volume of astronauts’ brains

දිගු අභ්‍යවකාශ ගමන් වලින් පසු ගගනගාමීන්ගේ මොළය පරිමාව වැඩි වන බවද ඒයින් ඔවුන්ගේ හිස තුළ පීඩනය වැඩි වන බවටද මතයක් ප්‍රකාශ වී ඇත. සමහර ගගනගාමීන් අභ්‍යවකාශයේ දීර්ඝ කාලයක් ගත කිරිමෙන් පසු ඔවුන්ගේ පෙනිම නරක අතට හැරීමට හේතුව මෙම මොලයේ පරිමාව වැඩි විම බව සමහර විද්‍යාඥයන් ප්‍රකාශ කරයි.

ඔවුන් අතරින් මෙම සිද්ධිය සම්බන්ධව අධ්‍යයනයේ යෙදුනු හූස්ටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ ලැරී ක්‍රාමර් පවසන්නේ “මෙය අඟහරු ග්‍රහයා වෙත අනාගත මෙහෙයුම වැනි දිගුකාලීන අන්තර් ග්‍රහලෝක ගමන් සඳහා අමතර අවධානයක් යොමු කරයි යනුවෙනි.

ක්‍රේමර් සහ ඔහුගේ සගයන් ගගනගාමීන් 11 දෙනෙකුගේ මොළය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් පමණ ගත කිරීමට පෙර ස්කෑන් පරික්ෂණයකට ලක් කල අතර , ඔවුන් නැවත පෘථිවියට පැමිණි පසු අවස්ථා 6 කදි වසරක පමණ කාලයක් තුල ස්කෑන් පරික්ෂණ වලට ලක්කරන ලදි. සියළුම ගගනගාමීන් අභ්‍යවකාශයෙන් ආපසු පැමිණීමෙන් පසු සුදු පදාර්ථ, අළු පදාර්ථ සහ මොළය වටා මස්තිෂ්ක තරලය ඇතුළුව මොළයේ පරිමාව වැඩි වී ඇති බව ඔවුන් සොයා ගත්හ.

සාමාන්‍ය ගුරුත්වාකර්ෂණය යටතේ, අපි කෙළින් සිටගෙන සිටින විට මොළයේ තරලය ස්වභාවිකව පහළට ගමන් කරයි. නමුත් ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය මෙය වළක්වන බවට සාධක ඇති අතර එහි ප්‍රතිථලයක් ලෙස තරල මොළයේ හා හිස් කබල අතර රැස් විම සිදුවේ.

ගගනගාමීන්ගේ මොළයේ පරිමාව සාමාන්‍යයෙන් සියයට 2 කින් ඉහළ ගොස් ඇති අතර, ඔවුන් නැවත පෘථිවියට පැමිණ වසරකට පසුවත් මෙම වැඩිවීම් දක්නට ලැබෙන අතර එමඟින් අභ්‍යන්තරික පීඩනය වැඩි විය හැකි බව ක්‍රෙමර් පවසයි. ගගනගාමීන් විසින් නිරන්තරයෙන් වාර්තා කරනු ලබන දෘෂ්ටි ගැටලු පැහැදිලි කරමින් මෙම පරිමාව වැඩි වීම නිසා දෘෂ්ටි ස්නායුව මත පීඩනයක් ඇතිවිය හැකි යැයි ඔහු සැක කරයි.

ක්‍රේමර් සහ ඔහුගේ කණ්ඩායම නිරීක්ෂණය කළේ පිටියුටරි ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන මොළයේ කොටසක් ගගනගාමීන් 11 දෙනාගෙන් හය දෙනෙකුගෙන් විකෘති වී ඇති බවයි. මෙම ප්‍රතිථල මගින් අභ්‍යවකාශයේ පියාසර කිරීමෙන් පසු මොළයේ ව්‍යුහය වෙනස් කළ හැකි බවට සාක්ෂි සමූහයක් එක් කරයි.

දකුණු කැරොලිනා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ඩොනා රොබට්ස් පවසන්නේ “මෙම අධ්‍යයනය වැදගත් වන්නේ එය ප්‍රථම වතාවට නාසා ගගනගාමීන් තුළින් දත්ත ලබාගෙන සිදු වු පර්යේෂණයක් නිසා මෙන්ම ඔවුන් නැවත පෘථිවියට පැමිණීමෙන් වසරක් දක්වා කාලයකදි වුවද මොළයේ ව්‍යුහාත්මක වෙනස්වීම් අඛණ්ඩව පවතින බවයි.

“අපි මේ වන විට කෘතිම ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගනිමින් මොළයේ සිදුවන වෙනස්කම් වලට ප්‍රතිරෝධය දැක්වීමේ ක්‍රමවේදයන් පිළිබඳව කටයුතු කරමින් සිටිමු යයි ලැරී ක්‍රාමර් තව දුරටත් පවසයි.මෙහිදි රුධිරය නැවත පාද දෙසට ඇද ගැනීමේ මෙම ක්‍රමවලට පුද්ගලයෙකුගේ ප්‍රමාණයේ කේන්ද්‍රාපසාරී යන්ත්‍රයක් මගින් පුද්ගලයෙකු අධික වේගයෙන් කැරකිමකට ලක් කිරිම හෝ මිනිසෙකුගේ ශරීරයේ පහළ භාගය රික්ත කුටියක් තුලට ඇතුළත් කිරිම වැනි ක්‍රම යොදාගත හැකි වනු ඇති බවත් මෙම ක්‍රම හෝ වෙනත් ක්‍රමවලින් එකක් ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය තුල පර්යේෂණ කිරිමට හැකිවනු ඇතැයි අපට බලාපොරොත්තු තබාගත හැකි බවට තවදුරටත් ඔහු ප්‍රකාශ කරන ලදි.

මුලාශ්‍ර : Radiology, DOI: 10.1148/radiol.2020191413
www.tap.lk @ APRIL 2020
Long space flights can increase the volume of astronauts’ brains

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close