හික්කඩුවේ පොලිප්ලාගේ රජදහන
Article of vidusamaya magazine - August

සාමාන්‍ය ව්‍යවහාරයේ ගල්මල් ලෙස හදුන්වන කොරල්පර උණුසුම් සාගර ප්‍රදේශ වල එනම් ඝර්ම කලාපීය ප්‍රදේශ වල විශාල ලෙස විසිරී තියෙනවා.ශ්‍රි ලංකාවේද ස්ථාන රාශියක ව්‍යාප්ත වී ඇතත් වීශල වශයෙන්පැතිරුණු ප්‍රදේශ දක්නට ලැබෙන්නේ සිමීත ස්ථාන කිහිපයක පමණයි. හික්කඩුව ,පොල්හේන,වැලිගම,අකුරල ආදි ප්‍රදේශ ඒ අතරින් කැපි පේනවා. කොරල් පරයක් සැදි ඇත්තේ නයිඩේරියා enidaria වංශයේ ඇන්තසෝවා Anthozoa වර්ගයේ බුහුබාවන්ගෙන් හෙවත් පොලිප් ජිවින්ගෙන්ය. මෙම බුහුබාවන් නිපදවන බහිස්‍රාවීය ද්‍රව්‍යයක් වන ( NH3 ) ජලයේ ඇති CO2 සමග ප්‍රතික්‍රීයා කර (NH4)2CO2 සාදයි.මෙම ඇමොනියම් කාබෙනේට් මුහුදු ජලයේ ඇති කැල්සියම් අණු Ca සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබනෙට් CaCO3 සාදයි.මෙම CaCO3 වලින් සැදුණු කොප්පයක් වැනි සැකිල්ලක් ජිවි බාහුබාවා වටේ නිර්මාණය වනවා.
මෙසේ ජිවින් දස ලක්ෂ ගනනක් එකතු වි කොරල් පරයක් සැදිම සිදු වෙනවා. මෙම බහුබාවා තමගේ ශරිරයේ ඇති ග්‍රහක මගින් ජලයේ ඇති ප්ලාවාංග ආහාරයට ගනි.කොරල් බුහුබාවා අපෘෂ්ථඨ වංශික කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙකි.මොහු Zooxanthellate නම් එක සෛලිය ඇල්ගාවක් සමග සහජිවි ලෙස ජිවත් වේ.බුහුබාවානගේ ( පොලිප් ජිවියාගේ ) බහිස්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගි කරගෙන මෙම අන්වික්ෂිය ඇල්ගාව ප්‍රභාසංස්ලේෂණය සිදු කරන අතර එයින් නිපදවන ඔක්සිජන් පොලිප් ජිවියා ආශ්වාස කරයි. එසේම මෙම ඇල්ගි නිපදවන අමතර කාබනික පෝෂක පොලිප් ජිවියා ප්‍රයෝජනයට ගනි. කොරල් වලට විවිධ වර්ණ ලැබෙන්නේ මෙම ඇල්ගාව නිසායි. මොවුන් ලිංගිකව හා අලිංගික ආකාර දෙකෙන්ම තම වර්ගය බෝකර ගනි. පොලිප් ජිවියාගේ වර්ධනයට සාධක කිහිපයක් බලපානු ලැබ්. මුහුදු ජලයේ උෂ්ණත්වය අංශක 25-30 අතර විමද, නිරන්තරයෙන් සංසරණය වන මුහුදු ජලය ද හොදින් හිරු එළිය වැටිමද බලපායි. මෙම කොරල් මෘදු කොරල් හා දෘඩ කොරල් ද වර්ග කරයි. එසෙම කොරල් පර ප්‍රධාන වශයෙන්ගැටි පර Fringing reef බාධක පර Barier Reef හා අතොලු පර Atolls Reef ලෙස වර්ග කරයි. හික්කඩුවෙ ගැටි පර 31 ට අයත් කොරල් විශේෂ 60 ක් ඇත.
කොරල් පරයක් ආරම්භ වන්නේ මෙම එක් ජිවියෙකු සාගරයේ තද පෘෂ්ථයකට සවි වී ජිවිතය ඇරඹිමත් සමගය. මෙම පොලිප් ජිවියාව දෙමව්පිය කොරල් ජිවියා ලෙස හදුන්වන අතර ඔහුගේ පැටවුන්ද දෙමාපිය පොලිප්ට බද්ධ වි සැකිලි සාදා වර්ධනය වේ. මෙම ආකාරයට විශාල සංඛ්‍යාවක් එක මත එක බද්ධ වි වර්ධනය වන අතර එක් ජිවියෙක් මිය ගිය පසු එම සැකිල්ල මත තවත් ජිවියෙක් වර්ධනය විම සිදුවෙනවා. මේ ක්‍රියාවලිය වසර සිය දහස් ගනනක් සිදුවිමෙන් විශාල කොරල් පරයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් කොරල් පරයක් මසකට සෙන්ටි මීටරයක් පමණ වර්ධනය වන බව පැවසෙනවා. මෙරට පිහිටි සුන්දරම ගල්මල් උයන හික්කඩුවෙ වාල් දුපත හා ගොඩබිම මුහුදු තීරයේ දක්නට ලැබෙනවා. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශ්‍රිය ලේකම් කොට්ටාශයේ පිහිටා ඇති හික්කඩු කොරලපරයේ විශාලත්වය හෙක්ටයාර 1010 කි. මෙය කිලෝම්ටර් 4ක් පමණ ප්‍රමාණයක් දුරට මුහුදු තීරය දිගේ පැතිර පවතිනවා. 1979 මැයි මස 18 දින හික්කඩුව අශ්‍රිත කොරල් පරය ශ්‍රි ලංකාවේ ප්‍රථම සමුද්‍රිය අභය භුමීය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. තව දුරටත් මෙම ප්‍රදේශය සංරක්ශණය කරන අරමුණින් 1998 අගොස්තු 14 වන දින වඩාත් පුළුල් ප්‍රදේශයක් ඇතුළත්ව ස්වාභවික රක්ෂිතයක් ලෙසද වනජිවි දේපර්තමෙන්තුව මගින් ප්‍රකාශ කිරිමටද , 2002 සැප්තැමිබර් 19 වන දින ජාතික උද්‍යනායක් බවට පත් කිරිමද කැපි පෙනේ.
ශ්‍රි ලංකාවේ ජාතික උද්‍යාන අතරින් සමුද්‍ර ජිවින් සහිත පරිසර පද්ධතියක් නැරඹිය හැකි එකම ජාතික උද්‍යානයයි. හික්කඩුවේ කොරල් පරය ජෛව විවිධත්වයෙන් පිරුණු ඉතා වැදගත් පරිසර පද්ධතියකි. මෙහි විවිධ මුහුදු ශාක වර්ග ගනනාවක් දක්නට ලැබෙන අතර ඒවා අතර විවිධ මුහුදු තණ වර්ගද හැලිමෙඩා , කොලෙර්පා, උල්වා හා පැඩීනා වැනි ඇල්ගි ශාක ද දක්නට ලැබෙනවා. මෙම පරිසර පද්ධතියේ මත්ස්‍ය විශේෂ 113 පමණ වාර්ථා වන අතර එම විශේෂ අතර ඉරිරත්නා,රත්නා,පනාවා,තාරකා මාළුවා, රැවුල්කාරයා, යන මත්ස්‍යයන් විශේෂයෙන් කැපි පෙනවා මෙම මත්ස්‍යයන්ට අමතරව කකුළුවන්, කැස්බැවන්,ඉස්සන් ,පොකිරිස්සන්, බෙල්ලන් හා මුහුදු පණුවන් වැනි සතුන්ද දක්නට ලැබෙනවා.හික්කඩුව කොරල් පරය නිසා එම ප්‍රදේශයට විශාලදෙස් විදස් සංචාරක ආකර්ශණයක් ලැබි තිබෙනවා. මේ නිසා විශාල විදේශ විනිමයක් ගලා එනවා. මෙම කොරල් පරය නිසා ඒ අවට ප්‍රදේශයේ වෙරළ ඛාදනය බොහෝ අවම වි ඇත.සාමාන්‍යයෙන් වැඩුණු කොරල් පරයක් වර්ග කිලෝමිටර එකක ප්‍රදේශයකින් වාර්ශික මත්ස්‍ය අස්වැන්න ටොන් 15 පමණ ධිවරයන්ට ලබා ගනිමට හැකියාව තියෙනවා.
හික්කඩුව අවට ධීවරයන්ට තම ජිවිකාව ගෙන යාමට මෙම කොරල් පරය බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා.ක්ෂණික උෂ්ණත්ව වෙනස් විම් සදහා පොලිප් ජිවියා ඔරොත්තු නොදෙන බැවින් සාගරයේ උෂ්ණත්වය අංශක 2 න් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක.මේ නිසා කොරල්පර යනු ඉතා සංවේදි පරිසර පද්ධතියකි.මේනිසා මෙවැනි පරිසර පද්ධතියක් ආරක්ෂා කරගැනිමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුනත් එවායේ යම් කිසි අඩු පාඩුවක් නිසාදෝ කොරල් පරය දිනෙන් දින විනාශය කරා ගමන් කරමින් පවතිනවා.
විදුසමය අගෝස්තු කලාපයෙන් උපුටා ගැනිමකි