
පුරුද්දක් වශයෙන් හිමිදිරි පාන්දරට හෝ සවස් වරුවේ හෝ කිලෝ මීටර් කිහිපයක් ඇවිදින්නට අද බොහෝ දෙනෙකු පුරුදු වි සිටිනවා.ඇත්ත වශයෙන්ම මෙය ඉතා ප්‍රයෝජනවත් ව්‍යායාමයක්.විශේෂයෙන්ම අධි රුධිර පීඩනය මැඩ පැවැත්විම සදහා එය ආකාර කිහිපයකින්ම උපකාරි වන බව දැන් සොයාගෙන ඇත.
දිනපතා ඇවිදිම මගින් ශරිරයේ බර අඩු කෙරෙන නිසා රුධිර පීඩනය යථා තත්වයට පත් කරලීමට එය ආධාරකයක් වෙනවා.
ඇවිදිම මගින් රුධිර නාල විවෘත වීම උත්තේජනය කරන නිසා රුධිර පීඩනය පහළ බසිනවා.රුධිරයේ කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ වැනි සංයෝග වල මට්ටම අඩු කිරිමට ඇවිදිම දායක වෙනවා.(මෙම සංයෝග රුධිරනාළ තුළ තැන්පත් වෙමින් ඒවා අවහිර කරන බව ප්‍රකටයි.)
අවසාන වශයෙන් ශරිරයේ වෙහෙස,පීඩාව ඇති කිරීමට හේතුවන හෝමෝන නිෂ්පාදනය අඩු කරමින් ශරිරය නිවා දැමීමටත් මෙම ඇවිදිමේ ව්‍යායාමයට හැකියාව තියෙනවා.
මේවැනි නවතම පර්යේෂණ තොරතුරු විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.