News Local - දේශිය පුවත්

පොලිතීන් වෙනුවට කැළණිය විශ්ව විද්යාලයෙන් විකල්පයක්

vidusamaya september 2017

පරිසර හිතකාමී ගමන් මල්ලක් හදුන්වාදීම පසුගියදා කැළණිය විශ්වවිද්‍යාලයේදි සිදු විය.මෙහි විශේෂත්වය වන්නේ බඩු බාහිරාදිය ගෙන යාමෙන් පසු එය හකුලා පොකට්ටුවක් වශයෙන් සාක්කුවේ පවා තබාගෙන යාමට හැකි වීමයි.එසේම මෙය වසරක් දෙකක් පරිහරණය කිරිමෙන් පසු දිරාපත්වන ලෙස නිමවා තිබීමද විශේෂත්වයකි.මෙම ගමන් මල්ල නිශ්පාදනය කිරිමේදි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල කැළණිය විශ්ව විද්‍යාලයේ තිරසර විසදුම් මධ්‍යස්ථානයේ අධක්ෂක යු.කේ.පි.ඈපා මහතා මෙහිදි අදහස් දක්වමින් පවසා සිටියේය.”පොළිතීන් භාවිතය තහනම් කිරීමට තීරණය කිරිම කාලෝචිත ප්‍රසංශනීය තීරණයක්.මිනිසා ඇතුළු මුළු සත්ව සංහතියෙත් පරිසරයෙත් සුරක්ෂිත තාවය තහවුරු කිරීමත් එමගින් සිදුකර තිබෙනවා”.මෙහිදි පරිසර හිතකාමී නව ගමන් මල්ල කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය ඩී.ඇම්.සේමසිංහ මහාතාට තිරසර විසදුම් මධ්‍යස්ථානයේ අධක්ෂක යු.කේ.පි.ඈපා මහතාවිසින් පිළිගන්වන ලදි.කැළණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්.ඇම්.කරුණාරත්න එහි මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහන ලක්මන් පියදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකතු විය.

 

Show More

Leave a Reply

Back to top button