Focus අවධානයForeign විදේශිය පුවත්News Local - දේශිය පුවත්

අවදානමක් අත ලග

Sinhala Science Magazine- Sri Lanka -Vidusamaya

සෞඛ්‍ය සේවා  දේපාර්ත මේන්තු වේ ප්‍රකාශයට අනුව මැලේරියා රෝග වාහක විශේෂයක් රට පුරා පැතිර යාමේ තර්ඡනයක් මතුව ඇති අතර එය වැලක්වීමට මැලේරියා මර්ධන නිලධාරින් විසින් කටයුතු කරමින් සිටි.ඇනෝෆිලීස් ස්ටෙ‍ෆන්සි  ( Anopheles Stephensi ) යනුවෙන් මෙම විශේෂය හදුනා ගෙන ඇත.මන්නාරම ප්‍රදේශය පුරා මේ වන විට මෙම මදුරුවන් බෝවීමට පටන්ගෙන ඇති අතර එ පිළිබදව සොයා බලා පියවර ගැනීමට දැනටමත් අදාල නිළධාරින් කටයුතු කර ඇත. මෙම මදුරුවන් විශේෂය මන්නාරම ප්‍රදේශයට සංක්‍රමණය වි ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට විවිධ වේළදාම් සදහා යොදාගන්නා බොට්ටු අාශ්‍රිතව බවද දැන ගැන්නට ලැබී ඇත. මෙම මදුරු විශේෂය වැඩිපුරම දක්නට ලැබෙන්නේ භුගත ලිං ආශ්‍රිතව බවද වෙනත් මදුරුවන් මෙන් ජලය මතුපිට මෙම මදුරුවන් බෝ නොවන බවත් කීටයන් බෝවීම සිදුවන්නේ ජලය පතුලේ බවත් සිදුකර ඇති නිරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මීට අමතරව බහාලුම් උපකරණ ඇතුළු ජලය එක් රැස් වන ස්ථාන රැසක මදුරු කීට ඝණත්වය ඉහල ගොස් ඇති බවද දැන ගන්නට ලැබී ඇත.

පසුගිය මාර්තු මාසයේදි මදුරු ඝනත්වය සියයට හයක මටිටමක පැවතුණද ජුලි මාසය වන විට සියයට 70දක්වා වැඩි වී අත.ගවයන් බුරුවන් ආදි සතුන්ගේ ලේ උරා බීම මෙම මදුරුවන් විසින් සිදුකරන අතර ඩෙංගු මදුරුවන්ට සමානත්වයක් පෙන්වයි.

 

සටහන මිහිදු සංජිව සමගින් තරිදු ලක්ෂාන්

අගෝස්තු විදුසමය කලාපය

Show More

Related Articles

Leave a Reply

Close