ලෝක කුසගින්න ඉහලට
විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත් -www.tap.lk

දේශගුණික විපර්යාස හා යුද්ධය හේතුවෙන් ලෝක කුසගින්න දශකයක පමණ කාලයකට පමණ පසු නැවතත් ඉහළ යමින් පවතී.ලෝකයේ සාගතයෙන් පෙළෙන ජනයාගේ සංඛාව වසර 2003 න් පසු ප්‍රථම වරට 2016 වසරේදී ඉහළ ගිය අතර 2003 දි මිලියන 947 ප්‍රමාණයක් එනම් ලෝක ජනගහනයෙන් 14.9 % ප්‍රමාණයක් සාගතයෙන් පෙලුන අතර එය 2016 දි මිලියන 815 දක්වා එනම් ලෝක ජනගහනය 11 % දක්වා වෙනස් විය.
2015 දි මෙම සංඛ්‍යාව 10.6 % ප්‍රමාණයක් එනම් මිලියන 489 පමණ සාගතයෙන් පෙලුනා. වියළි කාලවලදි සම්පත් සදහා තරගකාරිත්වයක් හා මිල ඉහළ යාම චක්‍රයක් ලෙස ඇතිවන අතර මේ නිසා මෙම සාගත තත්වයට දේශගුණික විපර්යාස හා ගැටුම් අතර පැහැදිලි අන්තර් සම්බන්ධයක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මාර්කෝ සැන්චෙස් කැන්චිලෝ පවසනවා.ගැටුම් සහ එල් නිනෝ දේශගුණික තත්ව නිසා සෝමාලියාව සිරියාව සුඩානය කොන්ගෝ බුරුන්ඩි ආදී රටවල දැඩි සාගත තත්වයක් ඇතිවී ඇති අතර ගැටුම් නිසා ඇෆ්ගනිස්ථානය ඉරානය යේමනය ආදියේ සාගත තත්ව ඇතිවී තිබේ.මෙවැනි තත්ව මග හරවා ගැනිමට මාර්කෝ වැඩිදුරටත් යෝජනා කරනුයේ ගොවිබිම් වලට නියග හෝ ගංවතුරට ඔරෝත්තු දෙන ආහාර බෝග වගාකිරිම දිරිගන්වන වැඩපිළිවෙලක් සැකසීම වඩාත් සුදුසු බවයි.