Foreign විදේශිය පුවත්Magazine Articles

පරිසර දුෂණය ඇමරිකානුවන් පිළිකා රෝගින් කරයි.

Vidusamaya -2017 www.tap.lk

ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර දුෂණය ඉහල යාම නිසා එරට පිළිකා රෝගින්ගේ සංඛ්‍යාව ඉහල යාමක් දක්නට ලැබෙන බව සයන්ටිස් සගරාවේ සදහන් වෙනවා.තවදුරටත් එහි සදහන් වනුයේ එරට පරිසර දුෂණය අවම කලහොත් සෑම පිළිකා රෝගි මරණ 100,000 කට මරණ 39 අඩු කරගත හැකි බවය.

ස්භාවික පරිසර දුෂණය විමෙන් අපගේ ජිව විද්‍යාත්මක ක්‍රියාවලි සදහා බලපැම් කිරිමට හැකි අතර එහිදි හෝමොන වල ක්‍රියාකාරිත්වය ජාන ප්‍රතිචලිතය. ඩී.එන්.ඒ හානි විම ආදිය සිදුවිමට ඉඩ ඇති බව සදහන් වේ.මේ නිසා පරිසර දුෂණය නිසා පිළිකා ඇතිවිමේ අවධානම ඉහල යාම සිදුවිම දක්නට ලැබෙනවා.තවද කෘමිනාශක වලට නිරාවරණය විකරණශිලි වායු වලට ආවරණය විම වැනි සිද්ධින් නිසා පෙනහළු පිළිකා ඇතිවිමේ වැඩි සම්භාවිතාවක් ඇති බව ඔවුන් සදහන් කරනවා.

පරිසර තත්ත්වය නරක අතට හැරිම හා පියයුරු පිළිකා මෙන්ම පුරස්ථි ග්‍රන්ථ පිළිකා ඇතිවිම අතර දැඩි සමිබන්ධතාවයක් පවතින බව පැහැදිලි වි ඇත.

මේ පිළිබද ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජොස්ටිතා ජගයි හා ඇගේ  සගයන් වසර 2000 සිට 2005 දක්වා වසර වල ඇමරිකාවේ පරිසර තත්ව දර්ශකයේ දත්ත හා එම කාලය තුල එරට පිළිකා රෝගින්ගේ විස්තර අතර සම්බන්ධය විශ්ලේෂණය කිරිමෙන් මෙම නිගමනයට එළඹ ඇත.වර්ථමානයේ ඇති වි ඇති නිතිමය ප්‍රතිසංස්කරණ නිසා ඇමරිකන් රජය මෙම පරිසර ආරක්ෂක නියෝජිත ආයතනය වසා දැමීමට තිරණය කර තැබිම නිසා රෝග සදහා දායක වන සාධක විමර්ශණය කිරිමට පර්යේෂකයන්ට ඇති ඉඩ අවස්ථා ඉදිරියේදි ඇහිරිමේ තර්ජනයක් බව ද සදහන් වේ.

Show More

Related Articles

One Comment

Leave a Reply

Back to top button