විදුලි කම්පනයෙන් ධාවකයාගේ ධාවන රටාව වෙනස් කරයි.
Science Magazine Sri lanka-TAP Publishers

ඔබගේ ධාවන රටාව වෙනස් විමට විදුලි කම්පනය හේතු විය හැක. සමහර විට ඔබගේ ධාවන වේගය වැඩිවිමත් සිදු වෙන්නත් පුලුවනි. මෙසේ පවසන්නේ සබිරුකන්හි පිහිටි කෘතිම බුද්ධිය සම්බන්ධ ජර්මාණු පර්යේෂණ ආයතනයේ ප්ලෝරියන් ඩයිබර්ය.
ධාවකයන්ගේ පාදය පොළවට තැබිමේදි එය ප්‍රශස්ථ කෝණයකින් පවත්වා ගැනිමට පාදයේ මාංශ පේෂි උත්තේජනය කිරිමට Footstriker නමින් හැදින්වෙන උපකරණයක් සදා ඇත. මෙසේ නිවැරදි ඉරියව්වෙන් පාද නොතැබිම නිසා වසරකට බොහෝ පිරිසක් අනතුරු වලට ලක් වෙන බව දක්නට ලැබෙනවා.මේ නිසා නිවැරදි ඉරියව්වෙන් පාද තැබිම ක්‍රිඩකයන්ට ඉතා වැදගත් වෙනවා.
සාමාන්‍යයෙන් වෘතිය මට්ටමේ ධාවන ක්‍රිඩකයන් තමන්ගේ පාදයේ ඉදිරිපස කොටස පොළවේ ප්‍රථමයෙන් තබන අතර අනිකුත් සාමාන්‍ය ධාවකයින් ඔහුගේ පාදයේ විළුඹ කොටස ප්‍රථමයෙන් ම පොළවේ තබන බව සොයා ගෙන තිබෙනවා. මේ නිසා ඔවුන් අනතුරු වලට ලක්විමේ අවධානම වැඩිය.
ධාවකයන්ගේ පාදයේ කුමන කොටස පොළවේ ප්‍රථමයෙන්ම ගැටෙනවාද ? එයට විද්‍යුත් කම්පනය කෙසේ බලපානවාද යන්න සොයා බැලිමට පර්යේෂණ කණ්ඩායම විශේෂ පරික්ෂණයක් සිදු කරන ලදි. එහිදි ඔවුන් ධාවකයාගේ සපත්තුව තුල පිඩන සංවේදක ඇතුලත් කරමින් එමගින් පොළවේ ගැටෙන ස්ථානය පටිගත කරගැනිමට කටයුතු කල අතර Footstriker උපකරණය පාදයේ පසුපස කොටසේ සවි කලා. මෙම උපාංග සවි කර ගත් ධාවකයන් 6 දෙනෙකු කිලෝමීටර් 4 ධාවනයේ යෙදිමට සලස්වනු ලැබුවා.පලමු කිලෝමිටරයේදි කිසිදු කම්පනයක් ලබා නොදුන් අතර එහිදි ලැබුණු දත්ත වලින් කියවුනේ ධාවකයන්ගේ විළුඹ ප්‍රදේශය ප්‍රථමයෙන් ගැටිමේ ප්‍රතිශතය 95% බවය. ඊලග කිලෝමිටර 3 දි Footstriker උපකරණය ක්‍රියාත්මක කර උත්තේජ ලබා දුන් විට විළුඹ ප්‍රථමයෙන් ගැටිමේ ප්‍රතිශතය 16% බවට පත්විය.අවසාන කිලෝම්ටරයේදි නැවත උපකරණය ක්‍රියා විරහිත කල අතර එහිදි විළුඹ ගැටෙන ප්‍රතිශතය තවදුරටත් අඩු වි එය 8% දක්වා අගයක් ගත්තා. මෙහිදි පර්යේෂකයන් නිගමනය කලේ ධාවකයන් එම ඉරියව්වෙන් ධාවනය කිරිමට ඉගෙන ගැනිම නිසා මෙසේ අගය අඩුවිම සිදු වු බවය. මෙම පර්යේෂණයම පුහුණු කරුවෙකු යොදා ගනිමින් සිදුකල විට ධාවකයන් නිවැරදිව පාදය තිබිම ඉගෙන ගැනිම සදහන් වුයේ විළුඹ තැබිම 97 % සිට 80 % දක්වා පමණක් අඩු වි ඉතා අඩු ප්‍රතිශතයකින් පමණක් ඉරියව්ව නිවැරදි වු බවය.