Foreign විදේශිය පුවත්Life Style & Fashion

ගෝලිය උණුසුම ඉහලට නින්ද යාම පහලට

Science Magazine Vidusamaya JULY 2017

පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාම රාත්‍රි කාලයේ සුවබර නින්දක් ලබා ගැනිමට ඇති ඉඩ කඩ අඩු කරන බව නවතම පරික්ෂණයකින් සොයා ගෙන ඇත. එක්සත් ජනපදයේ පුද්ගලයින් 750,000 පමණ යොදා ගෙන සිදුකල සමික්ෂණයකින් පදනම් වු පර්යේෂණයකින් මෙය සොයාගෙන ඇත. එහිදි පරිසරයේ ඉහළ උෂ්ණත්වය ඉහළ යාම නිසා අඩු නින්දක් එම පුද්ගලයන්ට ලැබුණු බව සදහන් වේ. මෙම සමික්ෂණයට හවුල් වු හවාඩ් විශ්ව විද්‍යාලයේ නික් ඔබිරඩෙවිචි මහතා තවදුරටත් සදහන් කරන්නේ බොහෝ විට දුප්පත් ජනයාට වායු සමිකරණ භාවිතයට ඇති අවස්ථා අඩු නිසා ඔවුන්ට විශේෂයෙන් මෙම තත්වය බලපාන බවත් වැඩිහිටි පුද්ගලයන් අතර ද මෙම අඩු නින්දක් ලැබිමේ තත්වය බහුල බවය.
ඔවුන් සදහන් කරන ආකාරයට දිගටම පෘථිවියේ උෂ්ණත්වය ඉහල යාමේ වේගය වර්තමානයේ ආකාරයට පැවතුනහොත් වර්ෂ 2050 දි එක්සත් ජනපදයේ 100 දෙනෙකුටම නිදි නැති රාත්‍රි 6 වත් වසරකට ගත කරන්නට සිදුවෙන බවය.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close