Foreign විදේශිය පුවත්Science

අතේ ගෙනයන ස්කෑනරයෙන් පොෂ්‍ය ගුණය ඒ සැනින්

Science Magazine Vidusamaya Sri lanka 2017-October

ආහාර වල පොෂණ අන්තර්ගතය ක්ෂණිකව ස්කෑන්කර දැනගත හැකි උපකරණයක් නිපදවීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇත.මෙම උපකරණය( GrainSense)ලෙස නම් කර ඇති අතර එමගින් තිරිගු,ඔට්ස්,රයි හා බාර්ලි විශ්ලේෂණය කල හැකි අතර එමගින් ප්‍රෝටීන තෙතමනය මේද ප්‍රමාණය හා කාබොහයිඩ්රේට ප්‍රමාණය මැනගත හැක.මෙම උපකරණයේ ඇති (near infrared light ) මගින් මෙහි කාර්යය සිදුකරන අතර එයට විශ්ලේෂණයට අවශ්‍ය වනුයේ කුඩා සාම්පල් ප්‍රමාණයක් වන අතර තප්පර 5 වැනි කාලයකදි ප්‍රතිඵල ලබාදෙයි.

එසේම ස්මාර්ට් දුරකතන ඇප් එකක් හා සම්බන්ධව ඇති නිසා දත්ත සම්ප්‍රේෂණය ද ඉතා පහසුය.මෙම උපකරණය නිසා ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන වල තත්වය ඉතා ඉහල තත්වයකට පත්කරගත හැකි අතර වගාවේ තත්වය අනුව පොහොර ජලය අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කිරීමේ හැකියාවද ලැබේ.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව කාබන්ඩයෝක්සයිට් ප්‍රමාණය වැඩි වීමේදි වගාවන්ගේ ප්‍රෝටීන ප්‍රමාණය අඩුවන බව සොයාගෙන ඇත.ඊජිප්තුවේ සඩාන් විශ්ව විද්‍යාලයේ සලාහ් එල්සයිඩ් පවසන්නේ වගාව අතර තුර ම එහි පොෂ්‍ය ගුණය දැනගැනිමෙන් මෙවැනි දේශගුණ හා පරීසර වෙනස්වීම් නිසා ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන  වෙනස්වීම් වලට ක්ෂණික පියවර ගෙන වගාවන් ගේ ගුණාත්මක තත්වය රැකගැනිමට හැකියාව ලැබෙන බවය.

Show More

Related Articles

Leave a Reply

Back to top button