Expose අනාවරණයForeign විදේශිය පුවත්

ශ්‍රි ලංකික විද්‍යාඥවරියක් ඇතුළු කණ්ඩායමක් HIV සදහා චිකිත්සක එන්නතක් අත්හදා බලයි

Sri lanka Science Magazine-Vidusamaya-Viddya Puwath

ඇමරිකා එක්සත් ජනපදයේ චැපල් හිල් වල උතුරු කැරෝලිනා විශ්වවිද්‍යාලයේ ( UNC ) බහුවිද පර්යේෂණ කණ්ඩාය‍මක ප්‍රධානිය වු මහාචාර්ය නිලු ගුණතිලක ඇතුළු පිරිස එච්.අයි.වි. සදහා චිකිත්සක එන්නතක් අත්හදා බලා ඇත.මෙම එන්නත HIV ආසාදිත පුද්ගලයන් යොදාගෙන වැඩිදුරටත් පරික්ෂා කිරිම සදහා එම කණඩායමට එරට ජාතික සෞඛ්‍ය ආයතනය  ( NIH ) මගින් ඇමරිකන් ඩෝලර් මිලියන 5.6 මුල්‍ය ප්‍රධානයක්ද සිදුකර ඇත.වසර පහක අධ්‍යයන කාලයක් තුල මෙම එන්නත නිසා ( HIV ) ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ( HIV  ) සදහා දක්වන ප්‍රතිරෝධය හා ඒ ආශ්‍රිත අනෙකුත් වෙනස්විම් පරික්ෂා කිරිමට පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වන බව සදහන්වේ. ඔවුන් විසින් දැනටත් එන්නත එහි දෙවන පරම්පරාවට දක්වා දියුණු කර ඇත. නිලු ගුණතිලක මහත්මිය සහකාර මහාචාර්යවරියක ලෙස උතුරු කැරෝලිනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සේවය කරන අතර ඇය ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ ( NIH ) ද සේවය කර ඇත. එංගලන්තයේ ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදි ද ඇය තම අධ්‍යයන කටයුතු සිදුකර ඇත.

Show More

Related Articles

Leave a Reply

Back to top button