Did you knowඔබ දන්නවාද

Did you knowඔබ දන්නවාද

  • සබන් වල විද්‍යාව – එය කොහොමද කොරෝනා වයිරසය විනාශ කරන්නේ ?

    දැන් බලමු සරලව සබන් කියන්නේ මොනවද කියලා.ඇත්තටම ඒය නිපදවන්නේ යම් කිසි තෙල් වර්ගයක්(පොල්තෙල්,ඔලිව් තෙල්,ආමන්ඩ් තෙල්….) සමග සොඩියම් හයිඩ්රොක්සයිඩ් හෝ පොටැසියම් හයිඩ්රොක්සයිඩ් හා ජලය සමග මිශ්‍ර කර රත්කිරිමකට ලක් කර සිසිල් විමට සැලැස්විම මගින්.මෙහිදි සිදුවන රසායනික වෙනස් කම් මොනවාද? සබන් නිපදවීමෙදි භාවිතා කරන ලද මේද ඒනම් තෙල් හෙවත් ට්‍රයිග්ලිසරයිඩ ක්ෂාරීය ද්‍රාවණයක් (සොඩියම් හයිඩ්රොක්සයිඩ් )භාවිතයෙන් saponification නම් ක්‍රියාවට ලක්කරයි. ට්‍රයිග්ලිසරයිඩ් යනු මේද…

    Read More »
  • සමනලයාගේ පියාපත් වර්ණවත් ඇයි ?

    සමනලයාගේ පියාපත් වර්ණවත් වීමට වර්ණන වගේම ඒවා සැදී ඇති ව්‍යුහයද වැදගත් වේ.සමනල තටු වැසී ඇත්තේ ශල්ක වලිනි.මෙම ශල්ක නැනෝ ව්‍යුහයන් වන අතර මේවා යම්කිසි පරතරයන් ඇතිව ස්ථීරමය ලෙස තැන්පත් වි ඇත. මෙම ස්ථර අතරින් ආලෝක කිරණ ගමන් කරන විට විවිධ ආනති ඔස්සේ ඒවා පරාවර්තනය වීම සිදුවේ. එවිට සමනල තටු විවිධ වර්ණයන්ගෙන් අපට දිස්වේ.

    Read More »
  • රත් වු ජලය බෝතලයකට දමා තදින් මුඩිය වසා සිසිල් කිරිමේදි පතුලේ සිට ඉහලට පැමිණෙන බුබුළු වායු බුබුළුද ?

    ජලය දියරයකි. එය රත් කිරිමේදි ප්‍රසාරණය වෙනවා. මෙම ප්‍රසාරණය හෙවත් පරිමාව වැඩි විම සියයට දහයෙන් එක පංගුවක් පමණ වෙනවා. මෙම රත්වීම නිසා බෝතලයේ අභ්‍යන්තර පරිමාවත් විශාල වෙනවා. සිසිල් විමේදි ජලයේ පරිමාව අඩු වෙනවා. එවිට බෝතලය තුළ රික්තකයක් ( හිස් අවකාශයක් ) ඇති වෙනවා. මෙම රික්තකය පිරවිමට බෝතලය යටින් වායු බුබුළු ලෙස උඩට යන්නේ ජල වාෂ්ප බුබුළුයි. ඕනෑම දියරයක තාපාංකය හෙවත්…

    Read More »
  • වියලි මුහුදු වැලි මත ඇවිදිමට වඩා පහසුවෙන් තෙත වෙරළ තීරයේ ඇවිදීමට පහසු ඇයි ?

    මෙම සංසිද්ධිය ප්‍රධාන වශයෙන්ම ජලය නිසා ඇතිවේ. වියළි වැලි මත අඩිය තැබු විට වැලි කැට වල එහා මෙහා විමට නිදහස වැඩි බැවින් ගමන් කිරිම අපහසු කරවයි. නමුත් තෙත වැලි වල ඇති වැලි කැට එවා එකිනෙක වටා ඇති ජල තට්ටුවකින් වෙන්ව පවති. වැලි කැට හා ජලය යන දෙවර්ගයම සෑදි ඇත්තේ අණු වලිනි. ජල අණු අතර එකිනෙක මත ආකර්ෂණයක් ඇති වන අතර…

    Read More »
  • මල් වෙඩි ක්‍රියා කරනුයේ කෙසේද ?

    මල්වෙඩි ක්‍රියා කරන ආකාරය අනුව එය අදියර දෙකකින් ක්‍රියාකරන බව දැකිය හැක. මෙහිදි පළමු අදියරේදි වෙඩි බෙහෙත් උපයෝගි කරගෙන එය ක්‍රියා කරයි. මෙම වෙඩිබෙහෙත් මෙන්ම මල් වෙඩි ලෝකයට මුලින්ම දායාද කල ඇත්තේ චීන ජාතිකයන්ය. මුල් අදියරේදි වෙඩි බෙහෙත් දහනයේදි නිපදවන රත් වු වාත දහරාව පහලින් ඇති කුඩා සිදුරකින් පිට විමට සැලැස්වීමෙන් මල් වෙඩිල්ල ඉහලට ගමන් කරයි. මෙහි ඇති වෙඩි බෙහෙත්…

    Read More »
  • ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ?

    ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ? ඇපල් සමාගමේ නවතම හදුන්වාදිමක් වන i phone x හි සුවිශේෂිත්වය වන්නේ එහි face id system එකක් තිබීමය.මෙම I phone x හි face id lock එක 3d මුද්‍රිත වෙස් මුහුණක් ආධාරයෙන් හැකර්ස්ලාට බිදිය හැකි යැයි මතයක් පවති. මෙම මතයට පිළිතුරු සපයන ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ ව්‍යාජ ක්‍රමවලින් face id…

    Read More »
  • නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින්

    නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින් (IBM) සමාගම විසින් කියුබිට් 20 හා 50 නව ක්වන්ටම් පරිගණක දෙකක් නිෂ්පාදනය කර ඇත. ඉතා වේගවත්ව ක්‍රියාත්මක විය හැකි මෙම පරිගණක මේ වසර අවසානය වනවිට පාරිභෝගිකයන් හට මිලදී ගත හැකි බව (IBM ) සමාගම ප්‍රකාශ කරයි.

    Read More »
  • වාහන වල රේඩියේටර් කළු පැහැයෙන් යුක්ත වන්නේ ඇයි ?

    වාහනයක එන්ජිම ක්‍රියාකරන විට දහනය වන ඉන්ධන වලින් අධික තාපයක් නිපදවෙනවා. මෙම තාපය ඉවත් කිරිම සදහා සිසිලන පද්වතියක් වාහන වල නිර්මාණය කර තිබෙනවා. එහිදි එන්ජීමේ දහන කූටීරය වටා ජලය ගමන් කිරිමට සලස්වා ඇති අතර මෙම ජලය එහිදි තාපය උරා ගෙන එන්ජීම සිසිල් කිරිම සිදුකරණු ලබනවා. රේඩියේටර වෙත යැවෙන්නේ මෙම උණුසුම් ජලයයි. රේඩියේටරයෙන් මෙම උණුසුම් ජලය සිසිල් ජලය බවට පත් කර…

    Read More »
  • යන්ත්‍රීක විදුලි මීටරය ක්‍රියා කරන්නේ කෙසේද ?

    යන්ත්‍රීක විදුලි මීටරය ක්‍රියා කරන්නේ කෙසේද ? යාන්ත්‍රීක විදුලි මීටරයේදි ප්‍රධාන වශයෙන් ප්‍රයෝජණයට ගන්නේ අශ්ව ලාඩමක හැඩය ඇති යකඩ කැබලි දෙකක්. මේවා වටා ලෝහ දරණු ඔතා තිබෙන අතර එම ධ්‍රැව දෙක අතර ලෝහ රෝදයක් රදවා තිබෙනවා. ලෝහ එතු යකඩ ධ්‍රැව සම්බන්ධ කර ඇත්තේ ප්‍රධාන ඡාලයේ සිට පැමිණෙන විදුලිය එය තුලින් ගමන් කරන ආකාරයටය. විදුලිය ගමන් කරන විට යකඩ ධ්‍රැව චුම්භකයක්…

    Read More »
  • ඇසිපිය නොගසන විට ඇස් දැවිල්ලක් ඇති වන්නේ ඇයි?

    අපගේ ඇස භාහිර ද්‍රව්‍ය වලින් විශේෂයෙන් දුවිලි විවිධ විෂ බිජ ආදි දේ වලින් ආරක්ෂා කිරිම සදහා කදුළු විශාල කාර්යයක් සිදුකරනවා. එසේම කදුළු වල ප්‍රධානතම කාර්යයක් වන්නේ ඇස මතුපිට තෙත්ව තබා ගැනිමය. අප විසින් ඇසිපිය නොගසා සිටින විට ඇස මතුපිට ඇති තෙතමනය වියලි යාම නිසා ඇස මතුපිට ඇති පටලයට හානි සිදුවිය හැක. මේ නිසා ඇස දැවීමක් එනම් කැසිමක් වැනි වේදනාවක් ඇති…

    Read More »
Close