Did you knowඔබ දන්නවාදExpose අනාවරණයScience

රත් වු ජලය බෝතලයකට දමා තදින් මුඩිය වසා සිසිල් කිරිමේදි පතුලේ සිට ඉහලට පැමිණෙන බුබුළු වායු බුබුළුද ?

ජලය දියරයකි. එය රත් කිරිමේදි ප්‍රසාරණය වෙනවා. මෙම ප්‍රසාරණය හෙවත් පරිමාව වැඩි විම සියයට දහයෙන් එක පංගුවක් පමණ වෙනවා. මෙම රත්වීම නිසා බෝතලයේ අභ්‍යන්තර පරිමාවත් විශාල වෙනවා.
සිසිල් විමේදි ජලයේ පරිමාව අඩු වෙනවා. එවිට බෝතලය තුළ රික්තකයක් ( හිස් අවකාශයක් ) ඇති වෙනවා. මෙම රික්තකය පිරවිමට බෝතලය යටින් වායු බුබුළු ලෙස උඩට යන්නේ ජල වාෂ්ප බුබුළුයි.
ඕනෑම දියරයක තාපාංකය හෙවත් උතුරා වාෂ්ප වීමේ උෂ්ණත්වය රදා තිබෙන්නේ එය යටත්ව ඇති බාහිර පීඩනය මතයි. බෝතල මුඩිය සම්පුරණයෙන් වැසී ඇති නිසා මෙහිදි පීඩනය රසදීය මිලි මීටර් කිහිපයක වඩා වෙන්නේ නෑ.
මෙම බුබුළු දැමීම බෝතල ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා පහත වැටෙන තුරැ සිදු වෙනවා.
උෂ්ණත්වය වෙනස් විමත් සමග බෝතලයේ ජල මට්ටම පහත බසින විට එහි උඩ ඇති රික්තකයේ නැත්නම් හිස් කොටසේ ඇත්තේ වාතය නොව ජල වාෂ්පයි. ජලය යට දි මෙම මුඩිය විවෘත කළ විට එකම වාත බුබුලක්වත් පිට නොවි බෝතලය තුළට ජලය පිරි යන අයුරු අපට දකින්න පුළුවන්.
ජලය පමණක් නොව ඕනෑම දියරයක් උතුරන තෙක් රත්කර බෝතලයකට දමා කට වසා වාතය කාන්දු නොවන ලෙස තබන විට මෙම බුබුළු දැමිමේ ක්‍රියාවලිය බලන්න පුළුවන්.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close