Did you knowඔබ දන්නවාදExpose අනාවරණය

සබන් වල විද්‍යාව – එය කොහොමද කොරෝනා වයිරසය විනාශ කරන්නේ ?

The science of soap –how Soap kills the coronavirus

දැන් බලමු සරලව සබන් කියන්නේ මොනවද කියලා.ඇත්තටම ඒය නිපදවන්නේ යම් කිසි තෙල් වර්ගයක්(පොල්තෙල්,ඔලිව් තෙල්,ආමන්ඩ් තෙල්….) සමග සොඩියම් හයිඩ්රොක්සයිඩ් හෝ පොටැසියම් හයිඩ්රොක්සයිඩ් හා ජලය සමග මිශ්‍ර කර රත්කිරිමකට ලක් කර සිසිල් විමට සැලැස්විම මගින්.මෙහිදි සිදුවන රසායනික වෙනස් කම් මොනවාද?
සබන් නිපදවීමෙදි භාවිතා කරන ලද මේද ඒනම් තෙල් හෙවත් ට්‍රයිග්ලිසරයිඩ ක්ෂාරීය ද්‍රාවණයක් (සොඩියම් හයිඩ්රොක්සයිඩ් )භාවිතයෙන් saponification නම් ක්‍රියාවට ලක්කරයි. ට්‍රයිග්ලිසරයිඩ් යනු මේද අම්ල සහ ග්ලිසරින් යන රසායනික ද්‍රව්‍යවල රසායනික නාමයයි .මෙහිදි ට්‍රයිග්ලිසරයිඩ් මේද මුලින්ම මේද අම්ලවල ලවණ බවට ජල විච්ඡේදනය කරයි. ඒහිදි ග්ලිසරෝල් (ග්ලිසරින්) නිදහස් වේ. භාවිතා කරන ක්ෂාර ලෝහ වර්ගය සබන් නිෂ්පාදනයේ වර්ගය තීරණය කරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් සාදන ලද සෝඩියම් සබන් තරමක් තද ගතියෙන් යුක්ත වන අතර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලබාගත් පොටෑසියම් සබන් මෘදු හෝ බොහෝ විට දියර වේ.
මෙසේ සැදෙන සබන් අණුවක දෙමුහුන් ව්‍යුහයක් පවති,ඒහි හිස කොටස ජලයට බන්ධනය වන අතර එහි වලිගය ජලයට ප්‍රතිරොධි වේ.ඒනම් වලිග කොටස තෙල් සමග සම්බන්ධ විම සිදු වේ.මෙම සබන් අණු ජලයේදි කුඩා micelle නම් ගෝලාකාර ව්‍යුහ බවට පත්වේ.ඒනම් සබන් අණුවේ හිස කොටස් ටික ජලය දෙසටත් වලිග කොටස් ගොලාකාර ව්‍යුහයේ මධ්‍යයටත් ඒකතු වන ලෙස.
දැන් අපි බලමු සබන් කේසේද අපිට අපිරිසිදු දේවල් පිරිසිදු කරලා දෙන්නනේ ඒනම් තෙල් කුණු පැල්ලම් ඉවත් කරන්නේ කෙසේද කියලා.අපි යම් කිසි රෙදි කැබැල්ලක තෙල් කුණු තැවරි ඇතියි සිතමු.අපි ඒයට සබන් ගා හොදින් ජලයේ අතුල්ලන විට සබන් අණු වල ඇති තෙල් වලට කැමති වලිග කොටස් රෙදි කැබැල්ලේ ඇති තෙල් අංශු කුඩා කැබලි ලෙස ආකාර්ශණය කරගෙන ඒහි micelle නම් ගෝලාකාර ව්‍යුහ ලෙසට පත්වේ.මෙම ගොලාකාර ව්‍යුහයේ මැද තෙල් කුණු කොටස් ඇති අතර පිටතින් ජලයට කැමති සබන් අණුවේ හිස කොටස් වලින් වටවී ඇත.මේ ආකාරයට සබන් අණු දහස් ගනනාවක් මේආකාරයට ක්‍රියා කිරිම නිසා අර රෙදි කැබැල්ලේ තිබු සියලුම ජලයේ දිය නොවණ නමුත් තෙල් වල දියවන අපිරිසිදු යැයි හදුන්වන දේවල් සබන් වල micelle නම් ගෝලාකාර ව්‍යුහ වල මධ්‍යයට ඒකතු වේ.අවසානයේ අපි ජලය ඉවත් කරණ විට ඒ් සියලුම දේ ජලයත් සමග ඉවත් වෙනවා.ඉතින් අපිට පිරිසිදු රෙදිකැබැල්ලක් අවසානයේදි ලබාගත හැක.

දැන් බලමු අපි මේ කොරොනා වෛරසය සබන් වලින් කොහොමද විනාශ කරන්නේ කියලා.
සමාන්‍යයෙන් වෛරස් ශරීරයෙන් පිටත පැය, දින ගනනක් පවා ක්‍රියාකාරී විය හැකිය. විෂබීජ නාශක දියර, පිසදැමීම් ජෙල් සහ ඇල්කොහොල් අඩංගු කීම් ආදි සියල්ලම ඒවායින් මිදීමට ප්‍රයෝජනවත් වේ.නමුත් ඒවා සාමාන්‍ය සබන් තරම් හොඳ නැත.
සෞඛ්‍ය බලධාරීන් අපට පණිවිඩ දෙකක් ලබා දී ඇත.ඔබට වෛරසය වැළඳුණු පසු එය විනාශ කිරීමට හෝ එයින් මිදීමට ඔබට උපකාර කළ හැකි ඖෂධ නොමැත. වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා අත් සේදීම තමයි ඒකම විසදුම. මෙය අමුතුයි වගේ. ඔබට රුපියල් කෝටියකට වුවද කොරොනා වෛරසය සඳහා ඖෂධයක් ලබා ගත නොහැක.නමුත් ඔබේ ආච්චිගේ පරණ සබන් බාර් එකට පුළුවන් වෛරසය විනාශ කරන්න.
එසේනම් සාර්ස්-කෝවී -2, කොරෝනා වයිරසය සහ ඇත්ත වශයෙන්ම බොහෝ වෛරස් මත සබන් වැඩ කරන්නේ කොහොමද?
වෛරසයක් ප්‍රධාන කොටස් 3 කින් සැදි ඇත.ඒනම්
• න්‍යෂ්ටික අම්ල ජීනොමයක් (ඒවායේ ජානමය ද්‍රව්‍යය වනුයේ DNA හෝ RNA)
• ලිපිඩවලින් සැදුණු පිටත අවරණයක්
• පිටත අවරණය මත ඇති ප්‍රෝටීන්
මෙම සංරචක කොටස් තුන අතර සම්බන්ධතාවය වෛරසයේ ව්‍යුහය සපයයි, නමුත් එම සම්බන්ධතා දුර්වලයි. වඩාත් ස්ථායී ව්‍යුහයක් සපයන සහසංයුජ බන්ධන ක්‍රියාකාරී නොවේ.ඒය ඒසේ වුවත් වෛරස් ස්වයං-එකලස් කිරීම පදනම් වී ඇත්තේ ප්‍රෝටීන, ආර්එන්ඒ සහ ලිපිඩ අතර දුර්වල “සහසංයුජ නොවන” අන්තර්ක්‍රියා මත ය. මේ සියල්ලම එකට එකතු වී වෙල්ක්‍රෝවක් මෙන් ක්‍රියා කරන බැවින් ස්වයං-එකලස් කරන ලද වෛරස් අංශුව බිඳ දැමීම ඉතා අපහසු වේ.
කෙටියෙන් කියනවානම් වෛරසය ස්වයං-එකලස් කරන ලද නැනෝ අංශුවක් වන අතර එහි දුර්වලම සම්බන්ධකය වන්නේ ලිපිඩ (මේද) ද්වි-ස්ථරයයි. සබන් මේද පටලය විසුරුවා හරින අතර වෛරසය කාඩ්පත් ගෙයක් මෙන් කඩා වැටී මිය යයි. නැතහොත් වෛරස් සැබවින්ම ජීවතුන් අතර නොමැති බැවින් එය අක්‍රිය වන බව අප පැවසිය යුතුය.
අපි දැන් බලමු විස්තරාත්මකව මෙක කොහොමද වෙන්නේ කියලා. බොහෝ වෛරස් ප්‍රධාන තැනුම් ඒකක කොටස් තුනකින් සමන්විත වේ. රයිබොනියුක්ලික් අම්ලය (ආර්එන්ඒ), ප්‍රෝටීන සහ ලිපිඩ. වෛරස් ආසාදිත සෛලයක් මෙම තැනුම් ඒකක කොටස් බොහොමයක් සාදයි, එමඟින් ස්වයංසිද්ධව ස්වයං-එකලස් වී වෛරසය සෑදේ.
මෙම ඒකක එකට තබා ගන්නා ශක්තිමත් සහසංයුජ බන්ධන නොමැත, එයින් අදහස් කරන්නේ එම ඒකක වෙන් කිරීමට ඔබට අනිවාර්යයෙන්ම රළු රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නොවන බවයි. ආසාදිත සෛලයක් මිය ගිය විට, මෙම නව වෛරස් සියල්ලම ගැලවී වෙනත් සෛල වලට ආසාදනය වේ. සමහර ඒවා පෙනහළු වල ද වාතයේ ද අවසන් වේ.
ඔබ කැස්සෙන් හෝ විශේෂයෙන් කිවිසුම් යන විට ගුවන් මාර්ග වලින් කුඩා ජල බිඳිති මීටර් 10 ක් දක්වා පියාසර කළ හැකිය. විශාල ඒවා ප්‍රධාන කොරෝනා වයිරස් වාහකයන් යැයි සිතන අතර ඒවාට අවම වශයෙන් මීටර් දෙකක්වත් යා හැකිය.
මෙම කුඩා ජල බිඳිති බොහෝ විට ඉක්මනින් වියළී යයි. නමුත් වෛරස් ක්‍රියාකාරීව පවතී. මිනිස් සම යනු වෛරසයක් සඳහා කදිම මතුපිටකි. එය “කාබනික” වන අතර මතුපිට ඇති මළ සෛලවල ඇති ප්‍රෝටීන සහ මේද අම්ල වෛරසය සමඟ අන්තර්ක්‍රියා කරයි.
වානේ මතුපිටක් මත වෛරස් අංශුවක් ඇති විට ඔබ ඒය ස්පර්ශ කරන විට, එය ඔබේ සමට ඇලීම නිසා එය ඔබේ අත්වලට මාරු වේ. ඔබ ඔබේ මුහුණ, විශේෂයෙන් ඔබේ ඇස්, නාස්පුඩු හෝ මුඛය ස්පර්ශ කළහොත් ඔබට ආසාදනය විය හැකිය. බොහෝ මිනිසුන් සෑම මිනිත්තු දෙකකට හෝ පහකට වරක් ඔවුන්ගේ මුහුණ ස්පර්ශ කරන බව පෙනේ.
ජලයෙන් පමණක් අත් සේදිමෙන් අපිට වෛරසය ඉවත් කිරිමට නොහැකි වනු ඇත.ඒනම් සම සහ වෛරසය අතර ඇති ශක්තිමත්, මැලියම් වැනි අන්තර්ක්‍රියා සමඟ තරඟ කිරීමට ජලය හොඳ නැත. ජලය ප්‍රමාණවත් නොවේ.
සබන් මිශ්‍ර ජලය සම්පූර්ණයෙන්ම වෙනස් ය. සබන් අණුවේ වලිග කොටස මේද වැනි ද්‍රව්‍ය සමග පහසුවෙන් බන්ධනය වන බව ඔබ දැනටමත් දන්නා දෙයක්. සබන් අණු වෛරස් පටලයේ ලිපිඩ සමඟ “තරඟ කරයි” ඒනම් ඒය සමග බන්ධනය වෙන්න ක්‍රියාකරනවා. සබන් මගින් සමේ ඇති සාමාන්‍ය අපිරිසිදුකම ඉවත් කරන ආකාරයටම මෙය අඩු හෝ වැඩි වේ.
සබන් අණු මඟින් වෛරසය සහ සම අතර ඇති “මැලියම්” ලිහිල් කරනවා පමණක් නොව, වෛරසයේ ඇති ප්‍රෝටීන, ලිපිඩ සහ ආර්එන්ඒ එකට තබා ගන්නා Velcro වැනි අන්තර්ක්‍රියා ද ලිහිල් කරයි.මෙහිදි අපි කලින් සාකච්ඡා කල ආකාරයට සබන් ගා අත් සේදිමෙදි අර අපිරිසිදු රෙදි කැබැල්ලේ තිබු තෙල් කුණු ඉවත් වු ආකාරයටම වෛරස් අංශුවේ ලිපිඩ ස්ථරය කැලි වලට කඩාගෙන සබන් අණුවලට පුලුවන් වෙනවා micelle නම් ගෝලාකාර ව්‍යුහ සදාගැනිමට. එම ක්‍රියාව සබන් අංශු දහස් සංඛාවක් මගින් සිදු කිරිමෙන් සිදු වන්නේ වෛරසය වටා ඇති ලිපිඩ තට්ටුව විසුරුවා හැරීම . එය වෛරසය තුළ ඇති අනෙකුත් දුර්වල බන්ධන ද ඉවත් කරයි. එය සිදු වූ පසු, වෛරසය ඵලදායී ලෙස බිඳ වැටේ.
ඔබේ අත් සේදීමෙදි ඔබ දැඩි විය යුතුය. අවම වශයෙන් තත්පර 20 ක් වත් හොඳින් අත් සේදිය යුතු බව උපදෙස් දෙන්නේ එබැවිනි.ඔබේ සම කෙතරම් සිනිඳු හා මෘදු බවක් දැනුනත්, ඔබ නැනෝ අංශු ප්‍රමාණයේන් බලන විට ඔබේ සම තද, අසමාන හා කුඩා කඳු වැටි වලින් පිරී ඇති ව්‍යුහයකි.වෛරස් සමට ඇලී ඇති අතර එම කුඩා ඉරිතැලීම් වල මෙම වෛරසය රැදි පැවතිමට ඉඩ ඇත.එම නිසා ඒවා ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී අත් සේදීමක් ඉතා අවශ්‍ය වේ.
සියලුම “විෂබීජ නාශක” නිෂ්පාදන අඩංගු වන මත්පැන් මත පදනම් වූ නිෂ්පාදනවල ඉහළ ප්‍රතිශතයකින් යුත් මධ්‍යසාර ද්‍රාවණයක් (සාමාන්‍යයෙන් 60-80% එතනෝල්) අඩංගු වන අතර ඒ හා සමාන ආකාරයකින් වෛරස් විනාශ කරයි. නමුත් සබන් වඩා හොඳ වන්නේ ඒතනොල් පදනම් වු විෂබිජනාශක බාවිතා කිරිමේදි මුළු අතම එතනෝල් වලින් පොඟවා ගත යුතු අතර ඒසේ නොවුනහොත් අපෙක්ෂිත ප්‍රතිඵල නොලැබි යා හැක.
ඉතින්, සබන් හොඳම ය, ඔබට අවශ්‍ය වන්නේ තරමක් කුඩා සබන් වතුර ප්‍රමාණක් වන අතර, එය හොදින් අතුල්ලමින් ඔබේ මුළු අතම පහසුවෙන් ආවරණය කර ගත හැක.නමුත් සබන් පහසු හෝ ප්‍රායෝගික නොවන විට කරුණාකර මත්පැන් මත පදනම් වූ සනීපාරක්ෂක ක්‍රම භාවිතා කරන්න.

www.tap.lk MARCH@2020

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close