Did you knowඔබ දන්නවාදTechnology

මල් වෙඩි ක්‍රියා කරනුයේ කෙසේද ?

මල්වෙඩි ක්‍රියා කරන ආකාරය අනුව එය අදියර දෙකකින් ක්‍රියාකරන බව දැකිය හැක. මෙහිදි පළමු අදියරේදි වෙඩි බෙහෙත් උපයෝගි කරගෙන එය ක්‍රියා කරයි.
මෙම වෙඩිබෙහෙත් මෙන්ම මල් වෙඩි ලෝකයට මුලින්ම දායාද කල ඇත්තේ චීන ජාතිකයන්ය.
මුල් අදියරේදි වෙඩි බෙහෙත් දහනයේදි නිපදවන රත් වු වාත දහරාව පහලින් ඇති කුඩා සිදුරකින් පිට විමට සැලැස්වීමෙන් මල් වෙඩිල්ල ඉහලට ගමන් කරයි. මෙහි ඇති වෙඩි බෙහෙත් දහනය විම අවසන් වු පසු දෙවන අදියරේ දහනය විමේ ක්‍රියාවලිය ආරම්භ වේ.
මෙම දහනය සිදුවනුයේ සම්පුරණයෙන් සංවෘත කුටීරයක් තුලදීය. මෙම කුටීරය තුල වෙඩි බෙහෙත් වලට අමතරව ඔක්සිකාරක සංයෝගයක්ද මිශ්‍ර කර ඇත.
වෙඩි බෙහෙත් දැල්විමෙදි මෙම සංයෝගයෙන් පිටවන ඔක්සිජන් නිසා දහනය වේගවත් වෙන අතර මේ නිසා සංචෘත කුටීරයේ පීඩනය වැඩි විමෙන් විශාල ශබ්දයක් නංවමින් කුටීරය පුපුරා යයි.
මෙම කුටීරයට විවිධ ලෝහ වර්ග අඩංගු කිරිම මගින් එවා දහනය විමෙදි විවිධ වර්ණ රටා ඇති ගිනි පුළිගු නිසා මල් වෙඩි වල දැකුම්කලු දර්ශන රටා අපට නිරික්ෂණය කල හැක.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close