
ගර්භණි සමයේ කුඩා ප්‍රමාණයෙන් හෝ ඇල්කොහොල් පානය කිරිම නිසා උපදින දරුවාගේ මුහුණේ වර්ධනයට බලපාන බවද එහිදි ඇස්,නාසය,තොල් ආදියේ හැඩය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා හැකි බව ඔස්ටේලියාවේ වික්ටොරියා හි ළමා පර්යේෂණ ආයතනයේ ජෙන් හැලිඩ් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කරයි. අධික මත්පැන් පානය හානිකර වන අතර එය කළලයට හානි කර ලෙස බලපායි. එහිදි කුඩා ඇස් විවර ඇතිවිම කුඩා නාසයක් මෙන්ම එය පහලට නැමි තිබිමද උඩු තොලට ඉහලින් ඇති පිල්ටම් එක මෘදු විමද දැකිය හැක.
එසේම එම ලක්ෂණ සහිත ළදරුවන්ගේ චර්යාවන් හැසිරිම මෙන්ම බුද්ධි මට්ටමේද අඩුපාඩු දැකිය හැක.අඩු මත්පැන් ප්‍රමාණයක් පානය කිරිම කළලයට බලපාන්නේ කෙසේ දැයි සොයා බැලිමට හැලීඩ් සහ කණ්ඩායම 1570 පමණ ගර්භණි කාන්තාවන් අධ්‍යයනයට ලක්කර ඇත.මෙම පිරිසෙන් 27% ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ඉතා අඩු ඇල්කොහාල් ප්‍රමාණයක් පානය ඇති කර බවය.මෙම ළදරුවන්ගේ වයස අවු. 01 වන විට හැලීඩ්ගේ කණඩායම දරුවන් 415 කගේ මුහුණ විවිධ කෝණවලින් ජායාරුප ගතකර ඇත. මෙහිදි ඔවුන්ට මත්පැන් පානය නොකල මව්වරුන්ගේ සහ ඉතා අවම ප්‍රමාණයකින් මත්පැන් පානය කල මව්වරුන්ගේ දරුවන්ගේ මුහුණේ සියුම් වෙනස්කම් නිරික්ෂණය කිරිමට හැකිවි ඇත.
එහිදි මත්පැන් පානය කල අයගේ දරුවන්ගේ තරමක් කෙටි ඉහලට නැඹුරු වු නාසයක් දක්නට ලැබි තිබේ.හැලීඩේ තවදුරටත් පවසන්නේ ගර්භණි සමයේ ඉතා කුඩා ප්‍රමාණයේ ඇල්කොහොල් පානය කල කාන්තාවන් කලබල විමට අවශ්‍ය නොමැති බවත් අප විසින් කලබල විමට තරම් දෙයක් පියවි ඇසින් නිරික්ශණය සදහා හදුනාගෙන නොමැති බවත්ය.
මේ අතර අධික ලෙස ඇල්කොහොල් පානයෙන් ඇතිවෙන ගර්භණි ඇල්කොහොල් සින්ඩීරම් තත්වය විශාල ගැටලුවක් වන බවත් තවමත් එය හදුනාගනිමින් පවතින බවත් සැන් දියාගෝ හි කැල්පොනියා සරසවියේ ක්‍රිස්ටිනා වැම්බර්ස් පවසයි. ඹවුන් පවසන්නේ හැලීඩේගේ තාක්ෂණය ඔවුන්ට ළදරුවන්ට ඇතිවෙන බලපැම් හා ඇතිවන ඵල විපාක ගැන අවබෝධයක් ලබා ගැනිමට උපකාරි වන බවය.
විදුසමය අගෝස්තු කලාපයෙන්