
අපගේ අත්ල දිගහැරි විට විශාල රේඛා ප්රමාණයක් දක්නට ලැබෙනවා. මෙම රේඛා ප්රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.අපි අත මොලවා හකුලන විට නැම්ම සිදුවන්නේ මෙම රේඛා ඔස්සේ.රේඛා නොතිබුනේ නම් එලෙස ක්රමවත් හැකිලිමක් සිදු වන්නේ නැහැ.මෙම රේඛා අත්ල මත රළු ගතියක් ඇති කරනවා.රේඛා අතර ඇති ඉතා සිහින් වළ ගොඩැලිත් මෙම රළු බව වැඩි කරනවා.මෙහි ප්රථිඵලය යමක් ලිස්සා යා නොදි තදින් ග්රහණය කර ගැනිමට හැකිවිමයි.මෙය මිනිස් පරිණාමය සමග දියුණු වු ලක්ෂණයකි.අත්ලේ ඇති රේඛා නිසා මිනිසාට බොහෝ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදුකර ගැනිමට හැකි වි තිබෙනවා.



