Motor Mechanic මෝටර් මැකැනික්

වාහන පණගන්වන ස්ථානයේ සිටිම හොදද ?

Vidusamaya - www.tap.lk

හොදින් වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක ඇති පණ ගැන්වු මෝටර් රථයක් අසල සිටිම සෞඛ්‍යයට අහිතකර බව ඔබ අසා ඇත.ඉන්ධන සම්පුර්ණයෙන් දහනය නොවන අවස්ථාවේ උග්‍ර විෂ සහිත කාබන් මොනාක්සයිඩ් වායුව පිටවෙනවා. කාබන් මොනොක්සයිඩ් වායුව අධික ප්‍රමාණයක් ආශ්වාස වුවහොත් විනාඩි කිහිපයක් ඇතුලකදි මරණය පවා සිදුවිය හැකියි.රුධිරයේ ඔක්සිජන් පරිවහනය කරන වාහකය රතු රුධිර වල ඇති හිමොග්ලොබින් නම් වර්ණකයයි.කාබන් ‍මොනොක්සයිඩ් වායුවට මෙම වර්ණකය සමග බැදිමට ඇත්තේ මනා හැකියාවක්. මෙසේ බැදුණු කාබන් මොනොක්සයිඩ් හිමොග්ලෝබින් සමග බැදුණු ඔක්සිජන් චායුව ඉවත්කර දමනවා. මේ නිසා පිරිසිදු ඔක්සිජන් වායුව ශ්වසනය සදහා නොලැබි යාමෙන් සෛල මියයනවා.මෙම වායුව කුඩා ප්‍රමාණවලින් දිගු කලක් ආශ්වාස විම නිසා ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණයන් ඇතිවීම සිදුවන බව නිරික්ශණය කර තිබෙනවා. එය විස්තර කිරිමට කිසිවෙකු මෙතෙක් සමත්ව තිබුණේ නැහැ. ෆිලඩෙල්ෆියාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මේ සම්බන්ධයෙන් සොයා ගැනිමක් කර තිබෙනවා.ඔවුන්ගේ සොයා ගැනිම් වලට අනුව මේ තත්වයට මග පාදන්නේ නයික්ටික් ඔක්සයිඩ් වායුවයි.කාබන් මොනොක්සයිඩ් වායුව හිමොග්ලොබින් සමග බැදිමේදි අණුවෙහි වෙනත් කොටසකින් නයිටික් ඔක්සයිඩ් වායුව රුධිරයට විස්ථාපනය කර දමන බව ඔවුන් පෙන්වා දෙනවා.මෙසේ රුධිරයට එකතු වන නයිට්‍රික් ඔක්සයිඩ සාන්ද්‍රණය වැඩිවිම නිසා ස්නායු සෛල හා රුධිර වාහීණි වලට හානි සිදුවන බව ඔවුන් විශ්වාස කරනවා.

Show More

Leave a Reply

Back to top button