Did you knowඔබ දන්නවාද

ලුණු ගින්දරට දැමු විට පුපුරන්නේ ඇයි ?

Vidusamaya August-www.tap.lk

මෙසේ පිපීරිම ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා සිදු වෙනවා.ලුණු සොඩියම් හා ක්ලෝරින් වලින් සෑදි ඇති ද්‍රව්‍යයක්. සෝඩියම් පරමාණුවක් වටා ක්ලෝරින් පරමාණු 6කුත් ක්ලෝරීන් පරමාණුවක් වටා සෝඩියම් පරමාණු 6 කුත් එකට බැදි සෝඩියම් ක්ලෝරයිඩ් ස්ථටික සාදනවා. ‍මේ නිසා මෙම ස්ථටික ව්‍යුහය දැඩියි.අධික තාපයට එකවර ලක්විමේදි මෙම ස්ථටික ව්‍යුහය පුපුරා යනවා. දෙවැනි හේතුව එකවරම වැඩි උෂ්ණාත්වයක් ලැබෙන විට ලුණු කැට තුල  ඇති ජලය වාෂ්ප විමයි.මෙම ජල වාෂ්ප දියරමය ජලයට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක්  (වැඩි පරිමාවක්) ගන්නවා. එ නිසා ඉඩ ප්‍රමාණය වැඩි කර ගැනිමට පිටතට තල්ලු විමේදි ලුණු සථටිකය පුපුරා යා හැකිය.

Show More

Related Articles

Leave a Reply

Back to top button