EducationalMagazine ArticlesScience

සෛලය

CELL -Vidusamaya AUG-2017

සියළුම ජීවීන් ගොඩ නැගි ඇති මුලික තැනුම් එකකය වන්නේ සෛලයයි.මෙහිදි සමහර ජීවීයෙකු එක් සෛලයකින් සැදි තියෙන්නට පුළුවන්.සමහර ජීවීන් සෛල අති විශාල සංඛ්‍යාවකින් සැදි තියෙන්න පුලුවන්. මේ සෛලයක් සමාන්‍යයෙන් මිනිස් ඇසට විශාලන උපකරණයක් රහිතව දර්ශනය වෙන්නේ නැ. එවා විශේෂ අවස්ථා කිහිපයකදි හැර ඉතාම කුඩා ව්‍යුහ වන නිසා තමයි සෛල නිරික්ෂණයට අන්වික්ෂ අවශ්‍ය වන්නේ. අපගේ මිනිස් සිරුර සංවිධානය වී ඇති ආකාරය සැලකු විට සෛල එකතු වි පටක ඇතිවෙන අතර එවායින් ඉන්දීයයන් එකතු වි පද්ධති නිර්මාණය වන අතර පද්ධති එකතු වෙලා තමයි ශරිරය සැදි තිබෙන්නේ.
මෙම සෛල යන්න එනම් ඉංග්‍රිසියෙන් ( Cell ) යන්න ලෝකයටම හදුන්වා දුන්නේ රොබට් හුක් නැමති ඉංග්‍රිසි ජාතික විද්‍යාඥයා විසින් වර්ශ 1665දිය. ඔහු විසින් කිරල ඇබයක ඉතා කුඩා කොටසක් තමා විසින් සදා ගත් අන්වික්ෂ්‍යයකින් නිරික්ෂණය කර එහි මී වදයක මෙන් ඉතා කුඩා කුටීර සමුහයක් ඇති බව සොයා ගත්තා. ඔහු විසින් එම කුඩා කුටීර වැනි ව්‍යු හය Cell ලෙස නම් කරන ලැබුවා. මෙම වදන ලතින් භාෂාවෙන් බිදි ආ වචනයකි.ලතින් භාෂාවෙන් සෛල්ලා ( Cella ) යන වචනයේ තේරුම කුඩා කුටීර යන්නය. පසු කාලිනව විද්‍යාඥයන් විසින් සියළුම ජිවින් තැනි ඇති කුඩාම එකකය සෛල ලෙස හැදින්වීය. කිසියම් කාර්යයක් කිරිමට හැඩ ගැසුණු කුඩාම ජිවි ඒකකය සෛලයි.බැක්ටිරියා වැනි ඒක සෛලික ජිවින්ගෙ ඇති සෛල ප්‍රොකැරියොටික හෙවත් ප්‍රග්න්‍යාෂ්ටික සෛල ලෙසද වඩාත් පරිණාමීයව උසස් බහු සෛලික ජිවින්ගෙ ඇති සෛල යුකැරියොටික හෙවත් සුන්‍යෂ්ටික සෛල ලෙසද හදුන්වනවා.
සත්වයන් ගොඩ නැගිමට දායක වන සෛල ලෙස සත්ත්ව සෛල ලෙස නම් කරන අතර ශාක ගොඩ නැගිමට දායක වන ලෙස ශාක සෛල ලෙස හදුන්වනවා.මෛ සත්ත්ව සෛල හා ශාක ‍සෛල ලක්ෂණ කිහිපයකින් එකිනෙකට වෙනස් වෙන අතර සමහර ලක්ෂණ වලින් සමානතා දක්වයි.
දැන් අපි බලමු සෛලයක අන්තර්ගත වන ප්‍රධාන ව්‍යුහ මොනවාද එවා සත්ත්ව සෛල හා ශාක සෛල වලදි වෙනස් වන්නේ කෙසේද කියලා.

සෛල බිත්තිය
ශාක සෛල වල පිටත ආවරණය ලෙස මෙය පවතිනවා.මෙය මගින් සෛල ආරක්ෂාව සන්ධාරණය මෙන්ම සෛලයේ හැඩය පවත්වා ගැනිම ද සිදු කරනවා.සත්ත්ව සෛල වල සෛල බිත්තියක් දක්නට ලැබෙන්නේ නැත.

ප්ලාස්ම පටලය ( සෛල පටලය )
මෙය ප්‍රධාන වශයෙන් ලිපිඩ හා ප්‍රෝටින වලින් යුක්ත අතර කාබෝහයිඩ්‍රේට් අණු ද සුළු වශයෙන් තියෙනවා. ශාක සෛල වල මෙය සෛල බිත්තියට ඇතුලින් ඇති අතර සත්ත්ව සෛල වල සෛලයේ පිටතින්ම ඇති ආවරණ පටලයයි. මෙය සෛලීය අවරණයක් ලෙස ක්‍රියා කරමින් සෛල වලින් ද්‍රව්‍ය ඉවත් කිරිම සහ සෛල තුලට ද්‍රව්‍ය ඇතුළු කිරිම පාලනය කරයි.එසේම සෛල අතර සන්නිවේදනය මෙන්ම සෛලයට අාරක්ෂාව ලබා දිමටද මෙය උපකාරි වේ.

සෛල ප්ලාස්මය
සෛල ඉන්ද්‍රයිකා ගිලී පවතින ජල්ලීමය තරලමය කොටස සෛල ප්ලාස්මයයි.මෙය මගින් සෛලයට හැඩයක් ලබා දෙමින් සෛල ඉන්ද්‍රයිකා දෑරිම හා විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරිම සදහා මාධ්‍යක් සැපයිම සිදු කරනවා. මෙය ශාක හා සත්ත්ව සෛල වල පොදුවේ දක්නට ලැබෙනවා. මෙහි ඇති ප්‍රධාන සෛල ඉන්ද්‍රයිකා එනම් සෛල ප්ලාස්මය තුළ ගිලී පවතිමින් සෛල තුළ විවිධ කාර්ය සිදුකරන කුඩා උප එකක කිහිපයක් දැකිය හැකි වෙනවා. ඒවා එනම්

න්‍යෂ්ඨිය
මෙය සෛලිය ජීවි ක්‍රියා පාලනය කරන පාලක මධ්‍යස්ථානයයි.මෙය පටල දෙකකින් වට වී ඇත.මෙය තුල න්‍යෂ්ධීකාව හා ක්‍රෝමසෝම පවතිනවා. ඩී.එන්.ඒ අණු ඉතා තදින් ඇසිරි ක්‍රෝමසෝම බවට පත්වි මෙහි ගබඩා වි පවතිනවා. මිනිස් සිරුරේ ක්‍රෝමසෝම 46ක් දක්නට ලැබෙනවා. එවායේ ජාන කේත අඩංගු වෙනවා.න්‍යෂ්ඨිකාව තුල ඇති ආර්.එන්.එ අණු වලින් ක්‍රෝමසෝම ඩී.එන්.එ වල ඇති ජානමය කේත ආර්.එන්.ඒ කේත බවට පිටපත් කරගෙන න්‍යෂ්ඨියෙන් පිටතට ගමන් කර සෛල ප්ලාස්මය තුලදි විවිධ ප්‍රෝටින තැනිමට අවශ්‍ය දත්ත සපයනවා.මෙම නිපදවන ප්‍රෝටින සෛල ක්‍රියා පාලනය කරනවා.

රයිබසෝම
සෛල තුල ප්‍රෝටින නිපදවිමට අවශ්‍ය ස්ථාන සපයනවා.එනම් න්‍යාෂ්ඨ්යෙන් නිපදවන ආර්.එන්.ඒ කේත ප්‍රෝටින බවට පත් කරන්නේ රයිඛසෝම මගිනි.

මයිටක්‍රෝන්ඩියම
සෛලීය ක්‍රියාවලට අවශ්‍ය ශක්තිය නිපදවයි. මෙය පටල දෙකකින් වටවි ඇත. ශක්තිය නිපදවිමට අවශ්‍ය එන්සයිම එම පටල වල ඇති අතර සීනි,ඇමීනෝ අම්ල,මේද අමිල බිද හෙලා එයින් පිටවන ශක්තිය ඒ.ටි.පී නම් අණු වල ගබඩා කිරිම මෙහිදි සිදුවෙනවා.

අන්තඃප්ලාස්මීය ජාලිකා
මෙය රළු හා සිනිදු කොටස් දෙකකින් යුක්ත වෙනවා.රළු අන්තඃප්ලාස්මීය ජාලිකා වලදි ප්‍රෝටින තවදුරටත් සංකිර්ණ අණු බවට පත් කරමිත් සිනිදු අන්තඃප්ලාස්මීය ජාලිකා වලදි කාබෝහයිඩ්‍රේට් ලිපිඩ වර්ග නිපදවන අතර පොදුවේ මෙවා මගින් ප්‍රෝටීන, ලිපිඩ,ස්ටෙරොයිඩ පරිවහනය සිදුකරයි.

ගොල්හි සංකිර්ණය
ස්‍රාවීය ද්‍රව්‍ය නිපදවිම හා ප්‍රෝටින,ලිපිඩ,වැනි දේ අසුරා තබා ස්‍රාවය ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.

සෛල රික්තකය
ශාක සෛල වල විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කීපයක් ඇත.මේවා මගින් සෛල වල ජල තුල්‍යතාවය පවත්වා ගැනිම සන්ධාරණය පවත්වා ගැනිම වර්ණක ගබඩාකර සෛල වලට වර්ණය ලබාදිම ආදිය සිදුවේ. සත්ත්ව සෛල වල විශාල රික්තක නැත. සමහර විට ඉතාම කුඩා තාවකාලික රික්තක කිහිපයක් පැවතිය හැක.

හරිත ලව
ශාක සෛල වල ආහාර නිපදවිම සදහා පවති.සත්ත්ව සෛල වල හරිත ලව නැත.මෙය ද්වි පටලමය ඉන්ද්‍රියිකාවකි. සුර්යය ශක්තිය කාබනික ශක්තිය බවට පත්කිරිම නිසා ලෝකයේ ජිවින්ගේ පැවැත්මට මෙය ඉතා වැදගත් වෙනවා.

සකස් කිරිම අමාධි දිසානායක

Show More

Related Articles

1 thought on “සෛලය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close