Did you knowඔබ දන්නවාදScience
අයිස් කැටයක් කටේ දමාගත් පසුව බෙහෙත් බිවාම තීත්ත රස නොදැනෙන්නේ ඇයි ?
Vidusamaya -September-2017

අයිස් කැටයක් කටේ දමාගත් පසු අධික ශිතලකට දිව හා මුඛයේ කොටස් පත් වෙනවා.මෙහිදි දිව අධික ලෙස ශිතල වීම නිසා දිවේ අඩංගු රස සංවේදක රසාංකුර නිර්වින්දනය වැනි තත්වයකට පත්වෙනවා.මේ නිසා ඒවායෙන් රස හදුනා ගැනිමට උපකාරි වන ස්නායු ආවේග මොලයට යැවිම අකර්මන්යට වෙනවා.මේ නිසා එම අවස්ථාවේදි අප විසින් බෙහෙත් ආදිය බිමේදි එහි තීත්ත රසයට අදාල ස්නායු ආවේග මොලයට හරිහැටි නොයන නිසා අපට රස දැනෙන්නේ නැ.



