ලේසර් කිරණ මගින් නැනෝ ප්‍රමාණයේ ඡායාරූප මුද්‍රණයට නව තාක්ෂණයක්
Vidusamaya Vidya Sagarava -July-2017

මෙම නව තාක්ෂණය මගින් මිනිස් හිසකෙස් ගසකට වඩා පටු ඉඩ ප්‍රමාණයක වැඩි පික්සල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකි අතර එම විභේදනය දැනට ඇති ඉහලම විභේදන බලය ඇති රූපවාහිනි තිරයේ විභේදනයට ද වැඩි අතර හරියටම කියනවානම් මෙමගින් අගලකට තිත් 127,000ක් මුද්‍රණය කිරීමට හැක.මෙම තාක්ෂණය නිර්මාණය කර ඇත්තේ ඩෙන්මාර්කයේ කොපන් හේගන් නුවර ඇති කාර්මික විශ්ව විද්‍යාලයේ කිස්ටෙන්සෙන් සහ පිරිස වේ.මෙමගින් දහස් ගණනක් වන ජර්මෙනියම් තුනි ස්ථරයකින් ආවරණය වු නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් කණු වලට ලේසර් කදම්බයක් ගැටීමට සැලස්වීමෙන් එම කණු වල අග ඇති ජර්මෙනියම් ස්ථරය නැනෝ තප්පර කිහිපයක් තුලදි සෙ.අංශක 1000 ට වඩා රත්වන අතර එමගින් වර්ණ විමෝචනය කිරීම මගින් වර්ණ ඇති කර ගැනිම සිදු කරනවා.
මෙමගින් අඩු ත්ව්රතාවයකින් නිකුත් වන ලේසර් කදම්භයකින් නිල් වර්ණයද ත්ව්රතාවය වැඩිකරගෙන යාමේදී රතු කහ වර්ණ දක්වා වර්ණ වෙනස් වීම සිදුවෙනවා යැයි ඔවුන් සදහන් කරනවා.මෙම තාක්ෂණයේ රූප වල වර්ණ සංඛ්‍යාව ඉතා සිමිත වන අතර දැනට කොළ පැහැය නොමැති අතර රතුපාට හා නිල්පාට තරමක් දුරට අදුරු වී පවතී.මේ නිසා ජර්මෙනියම් වෙනුවට සිලිකන් ස්ථරයක් යොදාගැනීමට පර්යේෂණ කණ්ඩායම අදහස් කරගෙන සිටින අතර , එමගින් වඩා හොද වර්ණාවලියක් ලබාගැනීමට හැකි වෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම තාක්ෂණයේ ඇති තවත් දුර්වලතාවයක් වන්නේ චලනය වන රූප සහිත තිරයකට මෙම තාක්ෂණය යෙදීමට නොහැකි වීමය.