රෙඩ් ටැක්ටන් (Red Tacton)තාක්ෂණය හෙවත් Human Area Networking (HAN)
Red Tacton- විදුසමය විද්‍යා සගරාව-ජුනි කලාපය-2017

මොකක්ද මේ රෙඩ් ටැක්ටන් තාක්ෂණය කියන්නේ ? රෙඩ් ටැක්ටන් තාක්ෂණය කියන්නේ භාවිතා කිරීමට ඉතා පහසු සමීප පුද්ගලයන් හා උපකරණ සමග තොරතුරු හුවමාරු කිරීමට හැකි තාක්ෂණයකටයි. මෙහිදී ස්පර්ෂය මගින් තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙම තාක්ෂණය මගින් දුර්වල රේඩියෝ සංඥා දත්ත සම්ප්‍රේශණයේ වේගයේ ඇති දුර්වලතා හා අනවශ්‍ය සංඥා වලින් ඇති වන ආරක්ෂාව සම්බන්ධ දුර්වලතාවයන් බොහෝ දුරට අවම කර ගැනීමට හැකියාව ඇති බව සදහන් වේ. මෙම ක්‍රමයේදී මිනිස් ශරීරය දත්ත හුවමාරුවට මාධ්‍යයක් බවට පත්වෙනවා. එහිදී දත්ත (IEEE 802-3 half-duplex )සම්ප්‍රේශණය10Mbits/s වේගයකින් සිදුවෙනවා. මෙහිදී මිනිස් ශරීරය නිපදවන විද්‍යුත් ක්ෂේත්‍රය භාවිතා කර දත්ත සම්ප්‍රේශණ සිදුවේ. එම නිසා මෙම ජාලකරණය , හියුමන් ඒරියා නෙට්වර්කින් ( Human Area Networking )එනම් (HAN) ලෙස කෙටියෙන් හදුන්වනවා. මෙම ( HAN ) තාක්ෂණය හදුන්වා දෙනු ලැබුවේ ජපානයේ නිපෝන් ටෙලිග්‍රාප් ඇන්ඩ් ටෙලිපෝන් කෝපරේෂන් (NTT) නම් ආයතනයයි. මෙමගින් මිනිස් සිරුර වටා ඇති විද්‍යුත් ක්ෂේත්‍රය වේගවත් සහ ආරක්ෂාකාරී දත්ත සම්ප්‍රේශණ මාර්ගයක් ලෙස භාවිතා කරනවා.
රෙඩ් ටැක්ටන් කියන වචනය නිර්මාණය කර ගැනීමට ජපන් සංස්කෘතිය හා භාෂාව යොදාගෙන තියෙනවා. ජපන් සංස්කෘතියට අනුව රතු ( RED ) වර්ණය උණුසුම සංකේතවත් කරන අතර ටැක්ටන් ( Tacton )වචනයේ තේරුම ජපන් භාෂාවෙන් ස්පර්ෂයට දක්වන ප්‍රතික්‍රියාව නම් වේ.
මෙම මිනිස් සිරුරු අතර දත්ත සම්ප්‍රේෂණ සංකල්පය මුලින්ම ඉදිරිපත් කරණ ලද්දේ 1996 – IBM ආයතනයයි. නමුත් අවසානයේදී ජපාන (NTT) සමාගම මෙම තාක්ෂණයේ තිබූ සියලු තාක්ෂණික ගැටලු ( PHOTONIC ELECTRIC FIELD SENSOR ) නම් කුඩා උපකරණය නිර්මාණය කිරීම මගින් නිරාකරණය කරගන්නා ලදි. දැන් මෙම තාක්ෂණය රෙඩ් ටැක්ටන් නමින් ඔවුන් විසින් හදුන්වා දී තිබෙනවා.
මෙම තාක්ෂණයෙන් ලබා ගත හැකි ඵල ප්‍රයෝජන නිෂ්පාදකයන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒවා අතරින් කරුණු කිහිපයක් හදුනාගන්නට හැකිය.
ඉතා පහසුවෙන් තොරතුරු ලබා ගැනීමට හැකිවීම
- යම් වෙළද සැලකට පාරිභෝගිකයෙක් ඇතුඵ වූ විට එහි තබා ඇති එක් එක් භාණ්ඩ වල මිල ගණන් වගේම එහි නිෂ්පාදන තොරතුරු එක් එක් පාරිභෝගිකයාට අදාල භාණ්ඩය ස්පර්ෂ කල සැනින් තම ජංගම දුරකථන තිරයෙන් බලා ගැනීමට හැකියාව ලැබීම.
විවිධ උපකරණ ක්‍රියා කරවීමට හැකිවීම
- ඡායාරූපයක් ගෙන එය මුද්‍රණය කරගැනීමට ඔබට අවශ්‍ය බව සිතන්න. ඔබ කලයුත්තේ කැමරාවකින් ඡායාරූපයක් ගෙන අසල ඇති මුද්‍රණ යන්ත්‍රය ස්පර්ශ කිරීම පමණි. ඒ සැනින් එය මුද්‍රණය කර ගැනීමට ඔබට හැකිවේ. ඒ වගේම පරිගණකය ස්පර්ශ කර එම ඡායාරූපය විද්‍යුත් පණිවුඩයක් ලෙස වෙනත් පුද්ගලයෙකුට යැවීමට ආදී විශාල පරාසයක භාවිතාවන් සදහා ස්පර්ශයක් මගින් විධාන දීමේ හා උපකරණ ක්‍රියාකරවීමේ හැකියාවක් මෙම තාක්ෂණයට පවතී.
- තවද ඔබගේ පරිගණකයේ ඇති ගීතයක් වෙනත් කෙනෙකුගේ මියුසික් ප්ලේයරයක වාදනය කිරීමට හෝ ඔබ විසින් ලබාගත් සමූහ ඡායාරූපයක් අනිත් සාමාජිකයන් අතර බෙදාදීම සදහා හෝ ඔබ කල යුත්තේ අදාල උපකරණ ස්පර්ශ කිරීම පමණයි.
ආරක්ෂක මෙවලමක් ලෙස භාවිතා කිරීමට
- ඉහත සදහන් කල ප්‍රයෝජනයන්ට අමතරව තවත් ලබා ගතහැකි ප්‍රයෝජනයකි ආරක්ෂක උපාංගයක් ලෙස දොරගුඵ වලට මෙම තාක්ෂණය යෙදවීම. එමගින් එක් එක් වෙලාව අනුව අවසර ලත් පුද්ගලයන් පමණක් ඒ ඒ කාලවලදී ඇතුඵ වීමට ස්පර්ශය මගින් අවසර ලබාදීමට හැකියාව ලැබේ.මෙම තාක්ෂණයේ ඇති තවත් විශේෂ ප්‍රයෝජනයක් තමයි දත්ත මැකීයාම ඉතා අවම වීම .
ඒ වගේම ඉතා අඩු බල ශක්තියක් මගින් ක්‍රියාත්මක කිරීමට පුඵවන් වීම මෙන්ම වැඩි ආරක්ෂාවක් පැවතීමද සදහන් කළ හැක.