Computer පරිගණකExpose අනාවරණය

වර්ණ සිහින දකින්නට පටන් ගත් මිනිසා

Science Magazine -Vidusamaya -July 2017

වයස අවුරුදු 59 වු ඔස්ටේලියානු ජාතිකයෙක් තම ඇසේ පැවති පිළිකාවට ප්‍රතිකාර ලෙස පිළිකා රේඩියෝ තෙරපි ප්‍රතිකාරයක් ලබා ගත් පසුව වර්ණ සිහින දැකිමට පටන් ගෙන තිබෙනවා. මෙම ප්‍රතිකාරයට පෙර ඔහු දැක ඇත්තේ කලු සුදු සිහින විතරලු. මෙසේ ඔහු පෙරදි කලු සුදු සිහින දැකිමට හේතුව කුමක්ද යන්න විමසිමේදි එරට නිව් සවුත් වේල්ස් හි උතුරු වෙරළ පිළිකා ආයතනයේ පිළිකා පිළිබද විශේෂඥයෙකු වන මයිකල් මැකේ මහතා පවසන්නේ සමහර විට ඔහු කුඩා කාලයේ කලු සුදු රුපවාහීණි නරඹු කුඩා දරුවන් පසු කාලින ජවිත කාලය පුරා සිහින දැකිම සිදුවන්නේ කලු සුදු වර්ණයෙන් බවද ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි. විකිරණ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපැ හැකි බවට සමහර සාක්ෂි චර්නොබිල් ව්‍යසනයෙන් පසු එයට නිරාවරණය වු ජනයාගේ පරික්ෂණ වර්තා වලින් ලබාගැනිමට හැකිවිය. එසේම ඔවුන්ගෙන් තුන්නේ එකක් පමණ අසාමාන්‍ය සිහින වර්තා කල බවද මැකේ මහතා පවසයි.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close