Motor Mechanic මෝටර් මැකැනික්
වහනයක ටයර වලට නියමිත ප්‍රමාණයට හුළං ගැසිය යුතු වන්නේ ඇයි ?
Science Magazine Sri lanka Vidusamaya

වාහනයක් හෝ බයිසිකලයක් පාරේ ගමන් කිරිමට යම් කිසි බලයක් යෙදිම අවශ්‍ය වනවා. මෙම අවශ්‍ය කරන බලය ටයරයේ හා පාරේ ස්පර්ශ වන පෘෂ්ථ වල ස්වභාවය අනුව වෙනස් වෙනවා. එනම් ටයරය ඉදිරියට චලනය වෙන්නට උත්සහ කරන විට පාරේ මතුපිට පෘෂ්ථය මගින් ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ටයරය මත ඇති වෙනවා. මෙම බලය ඝර්ෂණ බලය ලෙස හදුන්වනවා. මෙම ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් ලබා දිමෙන් පමණයි ටයරය එනම් වාහනයේ හෝ බයිසිකලය චලනය කිරිමට හැකි වන්නේ. ටයරයේ පෘෂ්ඨය පොළාව් ස්පර්ශ වන වර්ගඵලය අඩුවන්නේ නම් ඇති වෙන ඝර්ෂණ බලය අඩු වනවා. මේ නිසා ටයරයට හෝදින් හුළං ගසා ඇති විට එය පාරේ ස්පර්ෂ වන පෘෂ්ඨයේ වර්ගඵලය අඩු වනවා. මේ නිසා ඝර්ෂන බලය අඩුවිම නිසා අඩු බලයකින් වාහනය චලනය කිරිමට හැකි වනවා. මේ නිසා වාහනයේ කාර්යක්ෂමතාවය වැඩිවනවා.