Focus අවධානයLife Style & Fashion
දළඹුවන් නිසා හම කැසිමට ලක්වන්නේ ඇයි ?
Science Magazine Sri Lanka Vidusamaya

දලඹුවන්ගේ ශරිරයේ පිටත බුව වැනි සිහින් කෙදි රාශියකින් ආවරණය වී තිබෙනවා සමහර විට ඹබ දැකලා ඇති දළඹුවෙක් අපගේ ශරිරයට ස්පර්ශ වුවිට එම සතාගේ ඇති මෙම සියුම් කෙදි වල අග කැඩි අපගේ සම සිදුරැ කරගෙන සමට ඇතුළු වනවා. මෙම ඇතුළු වන කෙදි වල අග කොටස තුලින් ස්රාවය වන රසායනික ද්‍රව්‍යයක් ශරිරයට ඇතුළු වන අතර මෙම රසායනික ද්‍රව්‍යය විනාශ කිරිමට සෛල වලින් වෙනත් රසායනික දුව්‍යයක් ස්රාවය කිරිම සිදුකරනවා. මෙම රසායනික ද්‍රව්‍ය මගින් කරන්නේ අදාල ස්ථානයට රුධිරය ගෙන එම පහසු කිරිම සදහා එම ස්ථානයේ විවිධ වෙනස් කම් ඇති කරලිමයි. මේ නිසා මෙම ස්ථානය කැසිම මෙන්ම එහි ඇති රුධිරනාල විශාල වීමද සිදුවෙනවා. මේ නිසා ස්ථානය රතු පැහැ ගැන්විම මෙන්ම සමහර අවස්ථා වලදි එම ස්ථානයේ දිය බුබුළු හටගැනිමක්ද දක්නට ලැබෙනවා. වැඩිපුර රුධිරය පැමිණිමෙන් දළඹුවාගෙන් ස්රාවය වු රසායනික ද්‍රව්‍යය පහසුවෙන් විනාශ කිරිමට හැකියාව ලැබෙනවා.