Biology ජෛවීය විද්‍යාScience

කෙලවල්ලා බලයා පැටලෙනවද ?

කහ වරල් කෙලවල්ලා

ටුනා හෙවත් බල පවුලේ සමාජිකයන්ගෙන් වඩාත් විශාලව වර්ධනය වන්නේ කෙලවල්ලන්ය.මොවුන් අනෙකුත් ටුනාවන්ට වඩා තද පැහැයෙන් යුක්තයි.පෘෂ්ඨිය ( පිට ) පැත්ත වඩාත් කළුවන අතර එහි ඉරි හෝ ලප දැකිය නොහැකියි.කෙලවල්ලන් අතරින් වඩාත්ම බහුලවම වෙළදපලට එන්නේ කහවරල් කෙලවල්ලාය.උගේ පෘෂ්ඨිය පැත්ත නිල් පැහැයට හුරු කළු පැහැයක් ගන්නා අතර වරල් කෙලවර දීප්තිමත් කහ පැහැයක් ගැනීම කැපී පෙනෙන ලක්ෂණයක්.පෘෂ්ඨය පැත්තේ සිට උදරීය පැත්තට යන විට කළු පැහැය කහ හා රීදී පැහැයට හැරෙනවා.උදරීය පැත්තේ ඉහළට පහළට හරස් ලෙස විහිදෙන ඉතාමත් කුඩා කැඩුණු තිත් ඉරි නිසාද වෙනත් කෙලවල්ලන්ගෙන් ඌ වෙන්කර හදුනා ගතහැක.
සාමාන්‍යයෙන් කහ වරල් කෙලවල්ලා මීටර් 2 ක් පමණ උපරිමයකට වැඩුණත් අල්ලාගන්නා කාලයත් අල්ලාගනු ලබන ක්‍රමයත් අනුව උගේ විශාලත්වය වෙනස් වනවා.කරමල් දැල්වලට හසු වන කෙලවල්ලන් දිග සෙ.මී.35-45 ප්‍රමාණයෙන් යුක්ත වන අතර බිලී පිත්වලට හසුවන්නන් සෙ.මී.65-75 පමණ දිග වනවා.වඩාත් වැඩුණු මසුන් අල්ලා ගනු ලබන්නේ ට්‍රෝලර් ක්‍රමයටය.එහිදි සෙ.මී.150-175 පමණ දිගවු කෙලවල්ලන් අල්ලා ගත හැක.මීගමුව ප්‍ර දේශයේ ජුනි හා සැප්තැම්බර් අතර කාලයේදීත් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් නොවැම්බර් මාර්තු අතර කාලයේදීත් කහ වරල් කෙලවල්ලන් බහුල ලෙස අල්ලා ගැනෙනවා.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close