Biology ජෛවීය විද්‍යාScience

එන්නතක් සාදා ගන්නේ කෙසේද ?

How to make a vaccine

වසංගතයක් මධ්‍යයේ එන්නතක් නිපදවීම කාලයට එරෙහි තරඟයකි. පහත විස්තර කර ඇති සෑම පියවරක්ම සාමාන්‍යයෙන් මාසයේ සිට අවුරුද්දක් දක්වා ගත විය හැක. ඉබෝලා එන්නත සදහා වසර පහක කාලයක් ගතවි ඇත. නව කොරෝනා වයිරසය සඳහා මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඒන්නතක් සංවර්ධනය කිරීම අපේක්ෂාවයි.

මූලාකෘතියක් සාදාගැනිම
මෙයට සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් ගතවේ,ඒය රදා පවතිනුයේ භාවිතා කරන තාක්ෂණය මතය. වර්තමානයේ ඇතිවි ඇති කොරොනා වෛරස් වසංගතයේදි නවීන තාක්ෂණික උපාංග වලට පින්සිදුවන්නට පැය කිහිපයක් ඇතුළත වෛරසයේ මුලාකෘතියක් නිපදවාගැනිමට හැකියාව ලැබි ඇත.

සතුන් යොදාගෙන සිදු කරන පරික්ෂණ
මෙම අධියරේදි මුලික වශයෙන්ම සිදුකරණුයේ එන්නතේ ආරක්ෂාකාරි බව හා ඒයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය පරීක්ෂා කිරීම ය.මෙම අදියර මුළුමනින්ම මඟ හැරිය හැකි නමුත් ඒන්නතේ ආරක්ෂිතභාවය ගැන ගැටලු ඇතිවිය හැක.

පළමු අදියර මානව අත්හදා බැලීම්
සාමාන්‍යයෙන් පුද්ගලයින් 20 ත් 80 ත් අතර සංඛ්‍යාවක් සම්බන්ධ වන පුද්ගලයින්ගේ පළමු පරීක්ෂණය මෙය වන අතර ආරක්ෂාව පෙන්වීමට සහ ඇතිවන අතුරු ආබාධ ඉතා දරුණු නොවන බව සහතික කිරීමට මෙම අදියර භාවිතා කරයි.

දෙවන අදියර මානව අත්හදා බැලීම්
මේ සඳහා විශාල පුද්ගලයින් සමූහයක් අවශ්‍ය වන අතර ඒන්නතේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරයි. සමහර එන්නත් සඳහා හදිසි අවශ්‍යතාවයක් ඇති විට මෙතැන් සිට නියාමන අනුමැතිය ලබා ගත හැකිය.

තුන්වන අදියර මානව අත්හදා බැලීම්
මෙම අවස්ථාවෙහිදී, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව යන දෙකම පැහැදිලිව තක්සේරු කිරීම සඳහා නව එන්නතක් සිය ගණනක් සිට දහස් ගණනක් දක්වා පරීක්ෂා කරනු ලැබේ.

නියාමන අනුමැතිය
සායනික අත්හදා බැලීමේ සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව, නියාමන ආයතන විසින් එන්නත මහජන භාවිතය සඳහා බලපත්‍ර ලබා ගත හැකිද යන්න තීරණය කරයි. පසු විපරම් ආරක්‍ෂිත දත්ත එක්රැස් කිරීමේ අවශ්‍යතාවයට යටත්ව මෙම අනුමැතිය ලැබිය හැක.

මහා පරිමාණ නිෂ්පාදනය
මෙම අවස්ථාවෙහිදී, එන්නතක් නිෂ්පාදනය කිරීම දැඩි තත්ත්ව පාලනය සහ අනුකූලතා ප්‍රමිතීන් යටතේ වේගවත් වේ.

මහජන ප්‍රවේශය
නව එන්නත ලබා ගත හැකි වූ විට, රජයන් සහ මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් එය ලබා ගත යුත්තේ කුමන කණ්ඩායම්වලටද යන්න තීරණය කළ යුතුය.

www.tap.lk@March2020

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close