Focus අවධානයForeign විදේශිය පුවත්

හන්ටාවෛරස් යනු කුමක්ද?

What is Hantavirus ?

හන්ටා වෛරස් යනු Hantaviridae යන වෛරස් පවුලට අයත් වන තනි දාම අර් ඒන් ඒ දාමයකින් සමන්විත ලිපිඩ කොපුවකින් ආවරණය වි ඇති වෛරසයකි. ඇත්ත වශයෙන්ම හන්ටා වෛරස් ප්‍රධාන වශයෙන් මීයන් විසින් පැතිරෙන වෛරස් පවුලකි. නමුත් ඒයින් මියන්ට රෝග ඇති වන බවට විස්තර නොමැත.නමුත් එය ලොව පුරා මිනිසුන් තුළ විවිධ රෝග ලක්ෂණ ඇතිකල හැකි වෛරසයකි.
හන්ටා වෛරස් මිනිසුන්ට ව්‍යාප්ත වනුයේ මීයන්ගේ මළ මූත්‍ර හා ලවණ හරහා වන අතර ඒවායේ ඇති වෛරස සුළග මගින් හෝ වෛරසය දරන සතුන් සපා කැමෙන් වැනි මාර්ග වලිනි.හන්ටා වෛරස් ආසාදනයකින් මිනිසුන් තුළ ඇතිවන රෝග හන්ටා වෛරස් රෝගය ලෙස හදුන්වයි.

ඇමරිකාවේ දක්නට ලැබෙන හන්ටා වෛරස් “නව ලෝව” හන්ටාවෛරස් ලෙස හැඳින්වෙන අතර ඒයින් ඇති වන රෝගය hantavirus pulmonary syndrome (HPS) ලෙස හදුන්වයි. මෙම HPS රෝගය දරුණු, සමහර විට මාරාන්තික, ශ්වසන රෝගයකි. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් පවා වෛරසයට නිරාවරණය වුවහොත් HPS ආසාදනය වීමේ අවදානමක් ඇත. මේ දක්වා, එක්සත් ජනපදය තුළ වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වූ HPS රෝගීන් වාර්තා වී නොමැත. නමුත් චිලියේ සහ ආර්ජන්ටිනාවේ, ඒක්තරා හන්ටා වෛරස් වර්ගයක් වු ඇන්ඩීස් නම් වෛරසය අසාදනය වු පුද්ගලයෙකුගේ සමීප සම්බන්ධතා පැවැත්වු වෙනත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය වීමේ දුර්ලභ අවස්ථා ඇති වී තිබේ.

අනෙකුත් හන්ටා වෛරස් “ඕල්ඩ් වර්ල්ඩ්” හන්ටා වෛරස් ලෙස හැඳින්වෙන අතර ඒවා බොහෝ දුරට යුරෝපයේ හා ආසියාවේ දක්නට ලැබෙන අතර ඒයින් ඇතිවන රෝගය hemorrhagic fever with renal syndrome (HFRS) ලෙස හදුන්වයි.කොරියානු රක්තපාත උණ, වසංගත රක්තපාත උණ සහ නෙෆ්‍රොපතිය වසංගතය වැනි රෝග HFRS රෝග කාණ්ඩයට නිදසුන්ය.HFRS රෝග වලට හේතු වන හන්ටා වෛරස් අතරට හන්ටාන්, ඩොබ්රාවා, සාරේමා, සෝල් සහ පූමාල ඇතුළත් වේ.

www.tap.lk March @2020 – What is Hantavirus ?

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close