SATHBIMA 19|01|2023
ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වෙයි
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසිල් රැන්ඩන් ස්වර්ගස්ථ වේ.
ලුසිල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය ඇන්ඩ්‍රේ සොහොයුරිය ලෙස ද හඳුන්වනු ලැබේ.
ඇය මියයන විට වයස අවුරුදු 118කි. ප්‍රංශයේ ටූලෝන් නගරයේ දේවස්ථානයක දී ඇය ඊයේ(17) අවසන් සුසුම් හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට දශකයකට පෙර 1904 වසරේ පෙබරවාරි 11 වනදා ඇය උපත ලබා තිබේ. එමෙන්ම දෙවන ලෝක යුද්ධය අවසන් වීමට වසරකට පෙර 1944 දී කතෝලික පූජකවරියක ලෙස පත්ව ඇත.
යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස දිගු කාලයක් ඇය පිළිගත් අතර පසුගිය වසරේ 119 හැවිරිදි ජපානයේ කේන් ටනාකාගේ මරණයෙන් පසු ලොව වයස්ගතම පුද්ගලයා බවට ඇය පත්විය.
ගිනස් ලෝක වාර්තාව ද 2022 වසරේ දී ඇය නිල වශයෙන් ලොව වයස්ගත පුද්ගලයා ලෙස තහවුරු කළේය.
දැවැන්ත ලෙස පැරදුණත් ශ්‍රී ලංකාව සුපිරි 12ට
වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18 වැනිදා) ඔස්ටේ්‍රලියාව සමග සහභාගි වූ තරගයෙන් ලකුණු 108ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේ ය.
කෙසේ වෙතත් ‘ඒ’ කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන තැන හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. තරගාවලියේ මූලික වටය යටතේ පැවති තරග තුනම ජයගත් බංග්ලාදේශය පළමු තැන හිමි කර ගනිමින් ද, එක් තරගයක් පරාජයට පත් වූ ඔස්ටේ්‍රලියාව දෙවැනි තැන හිමිකර ගනිමින් ද ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 12 වටයට හිමිකම් ලබා ගත් අනෙක් කණ්ඩායම් දෙක වේ.
ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමූ පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත් මැගී ක්ලාක් සහ ලුසී හැමිල්ටන් කඩුලු 2 බැගින් ලබාගත්හ. ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 මුල් පන්දුවාර 10 තුළදී ලකුණු 45ක් ඇතුළත දැවීයාම ශ්‍රී ලංකා පරාජයේ මූලාරම්භය විය. දකුණු අප්‍රිකාවේ බෙනෝනි හි විලෝව්මූර් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.
පාසල් නිවාඩුව හෙට ඇරැඹෙයි
පාසල් නිවාඩුව හෙටින් (20 දා) ආරම්භ වේ. නැවත පාසල් ආරම්භ කිරීම පෙබරවාරි 20 වැනිදා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.
මෙම නිවාඩුව 2022 වර්ෂයේ තුන්වැනි (අවසාන) නිවාඩුව වේ. පෙබරවාරි 20 දා යළි පාසල් ඇරඹීමෙන් පසු තෙවැනි වාරය 2023 මාර්තු 24 වැනිදා තෙක් පැවැත්වෙයි. ඒ දිනෙන් පසු 2023 වර්ෂයට අදාළ පළමු පාසල් වාරය ඇරඹෙයි.
පාසල් නිවාඩු කාලයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර එය ජනවාරි 23 වැනිදා ආරම්භ වී පෙබරවාරි 17 දක්වා පැවැත්වේ.
https://www.facebook.com/mysathbima?mibextid=ZbWKwL