Biology ජෛවීය විද්‍යාFocus අවධානයLife Style & Fashion

කොරෝනා වයිරස් ප්‍රභේදයන් දෙකක් ??? ඒයින් එකක් මාරාන්තිකද?

Corona-virus are there two strains and is one more deadly?

රෝගීන් 103 දෙනෙකුගේ විශ්ලේෂණයකට අනුව නව කොරෝනා වයිරසයේ ප්‍රභේදයන් දෙකක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කරන්නේ “වෛරසය වෙනස් වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි. ඉතින් ඇත්තටම ප්‍රභේදයන් කීයක් තිබේද, එය වැදගත් වන්නේ ඇයි?

වෛරස් සෑම විටම විකෘති වේ, විශේෂයෙන් මේ වගේ RNA වෛරස්, කොරෝනා වයිරස් SARS-CoV-2. පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වූ විට එය ඔවුන්ගේ ශ්වසන පද්ධතියේදි ප්‍රතිවලිත වේ. එය සිදුවන සෑම අවස්ථාවකම ජාන විකෘති දුසිම් භාගයක් පමණ සිදුවන බව එක්සත් රාජධානියේ කියවීමේ විශ්ව විද්‍යාලයේ ඉයන් ජෝන්ස් පවසයි.

බීජිං හි පීකිං විශ්ව විද්‍යාලයේ ෂියාඕලු ටැන්ග් සහ සගයන් රෝගින් 103 කින් ලබාගත් වෛරස් ජීනෝම අධ්‍යයනය කළ විට,එම ජීනෝම වල ස්ථාන දෙකක පොදු විකෘති සොයා ගෙන ඇත.මෙම කලාප දෙකෙහි ජානවල වෙනස්කම් මත පදනම්ව කණ්ඩායම වෛරස් වර්ග දෙකක් හඳුනා ගත්තේය: 72 ක් “L-වර්ගය” ලෙසත් 29 ක් “S වර්ගයේ” ලෙසත් වර්ග කර ඇත.
කණ්ඩායම විසින් කරන ලද වෙනම විශ්ලේෂණයකින් කියැවෙන්නේ L- වර්ගය පැරණි S වර්ගයෙන් ඇතිවු බවයි. වෛරසය සතුන්ගෙන් මිනිසුන් වෙතට පැමිනෙන කාලය තුළ පළමු ප්‍රභේදය මතු වන්නට ඇත. දෙවැන්න මතු වූයේ ඉන් ඉක්බිතිව බව කණ්ඩායම පවසයි.වෛරසයේ වර්තමාන ගෝලීය පුපුරායාමට මෙම ප්‍රභේදයන් දෙකම සම්බන්ධ ය. L- වර්ගය වඩාත් ප්‍රචලිත බැවින් එය S වර්ගයට වඩා “ආක්‍රමණශීලී” බව කණ්ඩායම පවසයි.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් බෘක්ස් විශ්ව විද්‍යාලයේ රවින්දර් කන්ඩා පවසන්නේ “වෙනස් ප්‍රභේදයන් දෙකක් ඇති බව පෙනේ. “(L- වර්ගය) සම්ප්‍රේෂණය කිරීමේදී වඩාත් ආක්‍රමණශීලී විය හැකි නමුත් මෙම ජානමය වෙනස්කම් මගින් රෝගයේ බරපතලකම හා සම්බන්ධ වන්නේ කෙසේදැයි අපට තවමත් අවබෝධයක් නැත,” ඇය පවසයි.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි එරික් වොල්ස් පවසන්නේ “මම හිතන්නේ ඒහි ප්‍රභේදයන් දෙකක් ඇති බවකි. නව වෛරසයකට සම්ප්‍රේෂණය වන විට වෛරස් පරිණාමයට භාජනය වීම සාමාන්‍ය දෙයකි. ”

වෛරසයේ ප්‍රභේදයන් කීයක් තිබේදැයි දැන ගැනීම ඉතා වැදගත් වේ. ලොව පුරා විවිධ කණ්ඩායම් වෛරසය සඳහා එන්නතක් ලබා දීමට කටයුතු කරමින් සිටිති. ඕනෑම එන්නතකට
ඵලදායී වීමට වෛරසයේ ප්‍රභේදයන් දෙකෙහිම දක්නට ලැබෙන ලක්ෂණ ඉලක්ක කර ගත යුතුය.
හඳුනාගත් ප්‍රභේදයන් දෙක අතර වෙනස්කම් ඉතා කුඩා ය. ඇත්ත වශයෙන්ම, ඒවා සැබවින්ම වෙනම “ප්‍රභේදයන්” ලෙස සැලකිය නොහැකි බව ජෝන්ස් පවසයි. ජානමය වෙනස්කම් බොහොමයක් ප්‍රෝටීන නිපදවීමට බලපාන්නේ නැත, එබැවින් වෛරසය ක්‍රියා කරන ආකාරය හෝ එය ඇති කරන රෝග ලක්ෂණ වෙනස් නොකරනු ඇතැයි ඔහු පවසයි. ඒනම් එකක් අනෙකට වඩා මාරාන්තික නොවේ.

“සෑම ප්‍රායෝගික අර්ථයකින්ම, වෛරසය මුලින් මතුවූ කාලයට සමානය” කියා ජෝන්ස් පවසයි. “එය නරක අතට හැරෙන බවට කිසිදු සාක්ෂියක් නොමැත.” මෙම මතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද ඉස්මතු කරයි. ටැන්ග් සහ සගයන් විසින් කරන ලද අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ වෛරසයේ යම් ජානමය විවිධත්වයක් ඇති බවයි. එයින් අදහස් වන්නේ එය වෙනස් වන බවයි.

නමුත් අපට නිශ්චිතවම පැවසිය නොහැක. අධ්‍යයනය නියෝජනය කරන්නේ රොගින් 103 ක් පමණි.ඒවගේම ඔන්ලයින් දත්ත ගබඩාවක් මඟින් සිද්ධි 166 ක ප්‍රතිඵල දක්වා ඇති අතර ඒයද මෙම සොයාගැනිම් වලට සමානුපාත වේ.ඇත්ත වශයෙන්ම නිල වශයෙන් වාර්තා වූ සිද්ධීන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් සමග සසදන විට මෙම විමර්ෂණය කර ඇති සිද්ධි සංඛාව සාගරයේ ඇති ජල බිදිති කිහිපයක් වැනිය.

ජෝන්ස් පවසන්නේ අපට තවත් ප්‍රභේදයන් මතු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි. වසංගත රෝග විද්‍යාඥයන් සාමාන්‍යයෙන් එකඟ වන්නේ, පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වූ විට, ඔවුන් නැවත ආසාදනය වීමට ඉඩක් නොමැති බවය.ඒනම් වෛරසය විකෘති නොවන්නේ නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්‍ෂාව බිද දැමිමට වෛරසයට නොහැකි වන්නේය.

අනාගතයේදිද නව ප්‍රභේදයන් ඇති විය හැකිබව ජෝන්ස් පවසයි. සාමාන්‍යයෙන් ඇතිවන වෛරස් උණ සම්බන්ධයෙන් ද මෙය සිදුවන අතර සෑම වසරකම නව ප්‍රභේදයන් වර්ධනය වන අතර එමඟින් මිනිසුන්ට අතීතයේ උණ වැළඳී ඇත්ද නැද්ද යන්න මත රදා නොපැවත සියලු දෙනාට ආසාදනය විය හැකිය.
ඉදිරි වසරවලදී නව කොරොනා වෛරසය සඳහා ද එම රටාවම මතුවන බව අපට දැකගත හැකි බව ජෝන්ස් පවසයි. “එය ඉක්මණින් පහව යන බවක් මට නොපෙනේ.”

Journal reference: National Science Review, DOI: 10.1093/nsr/nwaa036
www.tap.lk [email protected] Coronavirus: Are there two strains and is one more deadly?

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close