දුරකතනය බිහිකල ස්වරූප රාගය

වෙනස් වන ලෝකයේ දුරකතන කල විප්ලවය සුලුපටු නැත. ලංකාවේ තත්වය සලකා බැලු විට බාල මහලු සැවොම අද දුරකතනය භාවිත කරන අය වෙති.සංඛ්‍යා ලේඛණ වලට අනුව නම් ලංකාවේ ජනගහනයට ආසන්න ප්‍රමාණයක දුරකතන ඇති අතර ජනගහනයට වඩා දුරකතන සම්බන්ධතා පවති.මෙයින් ජංගම දුරකතනය වඩාත් බහුලය.මෙම උපාංගය වඩාත් ප්‍රයෝජනවත් වුවත් එය භාවිතා කරන පුද්ගලයා මත වෙනස් වේ.වර්තමානයේ ජංගම දුරකතනයට තරුණ පරපුර කොතරම් දැඩි ඇල්මක් දක්වනවා දැයි සොයා බැලු විට පෙනි යන්නේ පාසැල් කාලයේ දෙමවුපියන්ගෙන් දුරකතනයක් ලබා ගැනිමට අපොහොසත් වු ඈත පිටිසර දුප්පත් ළමයින්ගේ එකම අපේක්ෂාව ඉක්මණට රැකියාවකට ගොස් තම පළමු වැටුපෙන් ස්මාර්ට් දුරකතනයක් මිලදි ගැනිම බවය.සමහර අය ගොවිතැන් කර ප්‍රථම අස්වැන්න විකුණා දුරකතනයක් මිලදි ගැනිමේ අපේක්ෂාවෙන් පසු වන බව එවැනි පළාත් වල සංචාරය කල නිරික්ෂකයන් සදහන් කරනවා.
මෙම ස්මාර්ට් දුරකතන වල ඉදිරිපස ඇති නවින කැමරාව මගින් තමන්ගේම ජායාරූපයක් ලබාගැනිමට හැක. මෙම ජායාරූප සෙල්පි ලෙස ඉංග්‍රිසියෙන් හදුන්වන අතර එය සිංහලෙන් සියපිය ලෙස හදුන්වනවා.වර්මාතනයේ මෙය උමතුවක් ලෙස බොහෝ තරුණ පිරිස අතර පැතිර යනවා.මුලින්ම සෙල්පියක් ගත් බවට වාර්ථා වි ඇත්තේ 1839 දි ඇමරිකා එක්සත් ජනපදයේ පිලඩෙල්පියා හා රොබර්ට් කොර්නෙලියස් නැමැත්තා විසිනි. තමන්ගේ ජායාරූපයක් ගැනිම හා එය නිතරම බැලිම මෙන්ම අනිත් අයට එය පෙන්විමට දැඩි ආශාවක් ඇතිවිම ස්වරූප රාගය හෙවත් ඉංග්‍රිසියෙන් නාර්සිසියම් ලෙස හදුන්වයි. සෙල්පි වලට පුද්ගලයන් කොතරම් ඇබ්බැහි වි ඇත්දැයි තේරුම් ගැනිමට ඉවහල් වන කරුණකි. ලෝක ප්‍රසිද්ධ ටයිමිස් සගරාව ලෝකයේ සෙල්පි අගනගරය ලෙස පිලිපනයේ මාකාටි නගරය නම් කිරිම මගින්. මෙම සෙල්පි උමතුව ගැන ඇමරිකාවෙි මානසික විද්‍යා ආයතනය සදහන් කරනුයේ මෙය මානසික රෝගයක් බවය.මෙම මානසික රෝගය ඉංග්‍රිසියෙන් සෙල්පිටික්ස් ලෙස හදුන්වයි. මෙම රෝගයේ ප්‍රධාන අවධි තුනක් ඇති බව තවදුරටත් සදහන්වේ.පලමු අවධිය ( Borderline selfitis ) ලෙස හදුන්වයි.මෙහිදි පුද්ගලයෙක් දිනකට සෙල්පි දෙකක් තුනක් පමන ලබා ගන්නා අතර එය තමන්ම බලා තෘප්තියට පත්වේ. මෙම තත්වයෙන් තව දුරටත් රෝගයට ඇබ්බැහි වෙන පුද්ගලයන් රෝගයේ දෙවන අවධියට පත්වේ.එම අවධිය ( Acute selfitis ) ලෙස හදුන්වයි. මෙහිදි දිනකට සෙල්පි දෙක තුන ගන්නා පුද්ගලයා එවා විවිධ සමාජජාල වලප්‍රකාශයකට පත් කරයි. පසුව එවා නරඹන පුද්ගලයන් මෙන්ම එවාට විවිධ පුද්ගලයින් දක්වන ප්‍රතිචාර මෙන්ම විවිධ අදහස් දැක්විම බලා විනෝදයක් තෘප්තියක් ලබාගනි. මෙම තත්වය තවදුරටත් වර්ධනය විම නිසා අනිත් අයගේ ප්‍රතිචාර වැඩි වැඩියෙන් ලබා ගැනිමේ ආශාවෙන් තැනක් නොතැනක් බලා සිතෙන සැම විටම සෙල්පි රැගෙන සමාජජාල වලට නිකුත් කරයි.මෙම අවධිය ( Chronic selfitis ) ලෙස හදුන්වයි.මෙසේ රෝගය උත්සන්න වු විට නිතරම අන් අයව පුදුම කිරිමට විවිධ ආකාරයෙන් සෙල්පි ගැනිමට යාමෙන් විවිධ අනතුරැ වලට මෙම පුද්ගලයන් මුහුන දෙයි.මෙසේ ඇතිවු අනතුරු වලින් පසුගිය මාස හයක කාලයකදි ලෝකයේ පුද්ගල මරණ 127පමණ වාර්ථා වි ඇති අතර එම කාලය තුල ලංකාවේ මරණ 20ක් සිදුවු ඇත. මෙම මානසික රෝගයට ප්‍රතිකාර නොමැති බව සදහන් වේ.
විදුසමය විද්‍යා සගරාව