TechnologyTesting and Observation පරික්ෂණ නිරික්ෂණ

මොලය ස්කෑන්කර අනාවැකි පැවසිම

විදුසමය සැප්තැම්බර් කලාපය 2017-www.tap.lk

ස්නායු අනාවැකියක් මගින් ඉදිරියේදි සිදුවන වෙළදපල වෙනස්වීමක් හෝ මැතිවරණ ප්‍රතිථල පිළිබදව අනාවැකි පැවසිමට හැකිද ?අපගේ මොළයේ කොටස් විශ්ලේෂණයෙන් තවමත් සිදුවි නොමැති සිද්ධීන් ගැන අනාවැකි පැවසීමට හැකි බව පර්යේෂකයන් පවසනවා.අපට වඩා අපගේ මොලය අනාවැකි පැවසීමේදි ඉදිරියෙන් සිටින බව පෙන්වාදෙන ඔවුන් මේ සදහා කුඩා කණ්ඩායමක් සහභාගිකරගෙන වෙළදපල හැසිරිම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරණ ලදි.

කැලි‍‍ෆෝනියාවේ ස්ටැන්ර්ඩ් සරසවියේ බ්‍රයන් කන්ස්ටන් සහ කණ්ඩායම මේ සදහා (Kickstarter  ) නම්වෙබ් අඩවියේ ඇති ව්‍යාපෘති 36 සදහා අරමුදල් සම්පාදනය කරන්නේද යන්න සලකා බලන ලෙස පුද්ගලයන් 30 දෙනෙකුගෙන් ඉල්ලා සිටින ලදි.මෙම පුද්ගලයන් එක් එක් ව්‍යාපෘතිවල විස්තර ජයාරූප ආදිය අධ්‍යයනය කරන විට ඔවුන්ගේ මොලය ස්කූන් කිරිමද සිදුකිරිමට පර්යේෂකයන් ක්‍රියා කරන ලදි.පසුව (Kickstarter ) ප්‍රචාරණ ව්‍යාපාරය සති කිහිපයකින් අවසන් කල අතර එහිදි එහි අඩංගු වු ව්‍යාපෘති 18 සදහා අරමුදල් ලැබි තිබිණි.මෙහිදි මොලය ස්කෑන් කිරිමේදි එහි (nucleus accumbenshad) නම් ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයේ විශේෂත්වයක් නිරීක්ෂණය කල අතර එම වෙනස් කම් පරිගණක මගින් හදුනාගැනිම පසුව සිදුකරණ ලදි.එහිදි ලැබුණු ප්‍රතිථලය වුයේ ව්‍යාපෘති සදහා අරමුදල් සැපයිමට කැමති පුද්ගලයන් සංඛාව 59.5 % නිවැරදිතාවයකින් ප්‍රකාශ විමය.මේ අතර තුර ව්‍යාපෘති විස්තර කරන විට පර්යේෂණ කණ්ඩායමේ සමාජිකයන් එම පුද්ගලයන්ගෙන් වාචිකව ප්‍රශ්ණ විමසා ඔවුන් ව්‍යාපෘති සදහා මුදල් ආයෝජනය කිරිමට ඇති කැමැත්ත පරීක්ෂා කල අතර එහිදි ආයෝජනය කිරිමට කැමති පුද්ගලයන් සංඛාව නිවැරදිව ප්‍රකාශ කිරිමට හැකිවුයේ 52.90% නිවැරදිතාවයකින් පමණි.මෙම පර්යේෂණය නැවත නැවත සිදුකල අතර එහිදි ලැබුණු ප්‍රතිඵලය ඉතා සිත්ගන්නා සුළු විය.මෙම පර්යේෂණයෙන් කන්ස්ටන් ඇතුළු පිරිස පවසන්නේ ජනගහන හැසිරිම සම්බන්ධව අනාවැකි පලකිරිම ස්නායු අනාවැකි ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පියවරක් බවය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් විශ්ව විද්‍යාලයේ ස්ටෙෆාන් බෝවේ පවසන්නේ මෙම සොයා ගැනීම ඉදිරියට යන්නේ විශාල පරස්පරයන් සමග බවත් අපට වඩා මොලය සාර්ථක වන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්ණයක් බවත්ය.

Show More

Related Articles

Leave a Reply

Back to top button