සාගරයේ පාවෙන ප්ලාස්ටික් අතුරුදහන් වෙලාලු
විදුසමය අගෝස්තු කලාපයෙන්-2017 www.tap.lk

සාගර වල පාවෙන ප්ලාස්ටික් ටොන් දහස් ගණනක් පවති. නමුත් එය අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් පවතින බවත් සැලකිය යුතු කොටසක් බොහෝ දුරට අතුරුදහන් වි ඇති බවත් නිරික්ෂණය කර ඇත.සමහර විට අළුතෙන් පරිනාමය වු ක්ෂුද ජිවින් විශේෂයක් එයබිද දැමිමේ හැකියාවක් ලබාගෙන ප්ලාස්ටික් සාගරයෙන් අතුරුදහන් කර තැබිමට පුළුවන.ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි පොම්පේ විශ්ව විද්‍යාලයේ රිකාඩි සොලේ පවසන පරිදි ලෝකයේ ප්ලාස්ටික් නිශ්පාදන සිඝයෙන් ඉහල යන අතර ඒවා සාගරයේ තැන්පත් විම තමා අවසානයේ සිදුවන්නේ.
නමුත් පර්යේශණ වලට අනුව උතුරු අත්ලාන්තික් සාගරයේ හමුවන ප්ලාස්ටික් ප්රමාණයඅපේක්ෂා කරන ප්‍රමාණයට වඩා අඩුය.එය ආසන්න වශයෙන් හමුවන ප්‍රමාණය අපේක්ෂා කරන ප්‍රමාණයෙන් 10%ක් පමණ අගයක් පමණි.එසේම එම ප්‍රමාණයේ වැඩි විමක් දක්නට නොලැබේ.මෙම තත්වය සෝලේ හා ඔහුගේ පිරිස භාවිත කල ගණිතමය අකෘතියකට අනුව භෞතිකව පැහැදිලි කිරිමට නොහැකි විය.ඒ නිසා ඔවුන් යෝජනා කරන්නේ ජෛවිය ක්‍රියාවලියකින් එනම් විශේෂයෙන් ඇතිවු නව ක්ෂුද්‍රජිවි විශේෂයක ක්‍රියාකාරිත්වයක් නිසා මෙම ප්ලාස්ටික් අතුරුදහන්වන්නට හැකි බවය.
අපේක්ෂා කල ප්‍රමාණයට වඩා සාගර වලදි සැලකිය යුතු මට්ටමෙන් අඩු ප්ලාස්ටික් ප්‍රමාණයක් හමුවිම සම්බන්ධව මෙහිදි අනෙකුත් පර්යේෂණකයන් එකග වන අතර ඔවුන්ට මෙම අතුරුදහන් වු ප්ලාස්ටික් සම්බන්ධව වෙනම පැහැදිලි කිරිම් පවතින බව සදහන් කරනවා. න්‍යායාත්මකව ක්ෂුද්‍ර ජිවින් කොටසක් පරිණාමය වි ප්ලාස්ටික් බිද දැමිමේ හැකියාවක් ලබා ගත හැකි බව පිලිගත හැක.නමුත් මේ පිලිබද අදහස් දක්වන නෙදර්ලන්තයේ රාජකීය සාගර ප්රර්යේෂණ ආයතනයේ ලින්ඩා අමරල් මහත්මිය යෝනා කරන්නේ ක්ෂුද්‍ර ජිවින් ග්‍රහණයක් පාවෙන ප්ලාස්ටික් වල ඇති විම ඉතා අපහසු විය හැකි බවත් යම් කිසි සත්ව කොටසක් මෙම ප්ලාස්ටික් ආහාරයට ගැනිම සිදුවන බවත් මෙම නව ආහාර දාමය ( The Plastisphere ) ප්ලාස්ටිකාදාමය ලෙස හදුන්වයි. එහෙත් පාරිසරික රසායන විද්යාඥවරියෙකු වන ඇලෙක්සැන්ඩිරා ටපොල් විසින් ප්‍රංශයේ ටුලුස්හි ( IMRCP ) පරික්ෂණාගරයේදි මෙම උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන ප්ලාස්ටික් වල සිටින ක්ෂුද්‍ර ජිවින්ගේ ඩි එන් එ පරික්ෂා කල විට ඇයට ප්ලස්ටික් බිද දැමිමේ හැකියාව ඇති ක්ෂුද්‍ර ජිවියෙක් හමුවි නොමැත. අමරල් සෙට්ලර් හා ඇලෙක්සැන්ඩිරා ටපොල් තවදුරටත් ප්‍රකාශ කරනුයේ පාවෙන ප්ලාස්ටික් වල ක්ෂුද්‍ර ජිවි ග්රහනයක් ඇතිවිම නිසා සාගර ජලයේ ගිලියන බවත් සමහර විශාල ජිවින් ප්ලාස්ටික් ආහාරයට ගන්නා බවත්.එසේම සාගරයේ දියවැල් මගින් පාවෙන ප්ලාස්ටික් සාගරයේ අපේක්ෂා නොකරන ප්‍රදේශ වලට ගසාගෙන යා හැකි බවත්ය.මේ නිසා ප්ලාස්ටික් අතුරුදහන් විම සිදු විය හැකි බවය.මෙහිදි පර්යේෂක කණ්ඩායම ප්ලාස්ටික් ක්ෂුද්‍ර ජිවින් ජිරණය කිරිමක් සිදු නොකරන බව සදහන් කරන අතර එසේ ප්ලාස්ටික් ජිරණය වි ආහාර දාමයට ඇතුළු වුවහොත් විශාල අනතුරක මුල බවද ඔවුන් සදහන් කරනවා.
විදුසමය අගෝස්තු කලාපයෙන්-2017 www.tap.lk