Foreign විදේශිය පුවත්Magazine Articles

පෘථිවිය මතුපිටින් සේල්සියස් අංශක 2370 උෂ්ණත්වයක්

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත් www.tap.lk

මෙම උෂ්ණත්වය පෘථිවිය මතුපිටින් හමුවී ඇති ඉහලම උණූසූම් අවස්ථාවයි.වසර මිලියන 40කට ආසන්න කාලයකට පෙර කැනඩාවට අයත් ප්‍රදේශයකට කඩාවැටුණු අභ්‍යාවකාශයේ සිට පැමිණි විශාල පර්වතයක් වැනි වස්තුවක් නිසා එහි උෂ්ණත්වය සෙ.අංශක 2370 දක්වා ඉහල ගොස් තිබේ.

එම උෂ්ණත්වය සුර්යයා මතුපිට උෂ්ණත්වයෙන් හරි අඩකි. අභ්‍යාවකාශ සුන්බුන් පෘථීවියට කඩා වැටෙන විට ගැටීම සිදුවන කලාපයේ නිරායාසයෙන් උණුසුම් උෂ්ණත්වයක් ඇතිවේ.මේ අධික උෂ්ණත්වය නිසා පෘථිවියේ පාෂාණ වාෂ්ප විම සිදුවේ.කැලිෆොනියා සරසවියේ බෙන්ජමින් බැලැක් විමසා සිටිනුයේ මෙවැනි පාෂාණ වාෂ්ප වීම සම්බන්ධ සාක්ෂි සොයාගැනිම කෙසේ කල හැකිද යන්නය.කෙසේ නමුත් කිලෝ මීටර 28 පමණ වපසරියක පිහිටා ඇති කැනඩාවේ ලැබ්රාඩොර්වල පිහිටි මිස්සටාජන් විලෙන් මේ සම්බන්ධව සාක්ෂි ලැබී තිබේ.ඔස්ටේලියාවේ පර්ත්හි පිහිටි කර්ටන් විශ්ව විද්‍යාලයේ නිකොලස් ටිම්ස් සහ ඔහුගේ කණ්ඩායම පවසන පරිදි මිස්සටාජන් විලේ පතුලෙන් සොයාගත් ඛනිජයකින් එහි පැවති උෂ්ණත්වය පැහැදිලි කිරිමට ඔවුනට හැකිවී ඇත.

සාමාන්‍ය ආකාරයෙන් පවතින සර්කොන් ඛනිජය මැණික් වැනි ඝන සර්කොනියා ඛනිජය බවට පත්කිරිමට සෙ.අංශක 2370 උෂ්ණත්වයක් අවශ්‍ය වන බව ඔවුන් පවසයි.මෙම මිස්සටාජන් විලේ පතුලෙන් හමුවී ඇති මෙම මැණික් වැනි සර්කොනියා ඛනිජය වසර මිලීයන ගනනකට පෙර මෙහි පැවති උෂ්ණත්වය දැන ගැනිමේ උෂ්ණත්වමානයක් බව තවදුරටත් ඔවුන් පවසයි.

Show More

Related Articles

Leave a Reply

Back to top button