Did you knowඔබ දන්නවාද

මත්පැන් පානය කලාම ඇස් රතු වෙනවා නේද ?

විදුසමය සැප්තැම්බර් කලාපය -2017

මත්පැන් පානය කරලා ටික වේලාවක් ගියාම එම පුද්ගලයන්ගේ ඇස් රතු වෙනවා දැකලා තියෙනවා නේද?මත්පැන් පානය කරලා ටික වේලාවකට පසු එම මත්පැන් රුධිරයට එකතු වෙලා ශරීරය පුරා පැතිර යනවා.මෙහි ප්‍රතිඵලයක් ලෙස රුධිර නාල විශාල විමක් සිදුවෙනවා.ඇස් මතුපිට ඇති ඉතා සිහින් රුධිර නාල වලත් මෙම සංසිද්ධිය සිදුවෙනවා.සාමාන්‍ය තත්වයේදි මෙම නාළ සිහින්ව ඇති නිසා ඒවායේ ඇති රුධිරය පිටතට පෙනෙන්නේ නැ.නමුත් මත්පැන් පානය කල පසු එම නාළ විශාල වීමෙන් ඒවා තුල ගමන් කරන රුධිරය පිටතට දර්ශනය වෙනවා.මෙම රුධිර නාලිකා ඉතා විශාල ප්‍රමාණයක් ජාලාකාරව ඇති නිසා මුළු ඇසම රතු පාට වි ඇති ලෙස පිටතට දර්ශනය වෙනවා.

මේවැනි නවතම පර්යේෂණ තොරතුරු විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.

www.tap.lk

Show More

Related Articles

Leave a Reply

Back to top button