Did you knowඔබ දන්නවාද

අඹ ගෙඩියක් නටුවේ සිට පහලටත් ගස්ලබු ගෙඩියක් පහල සිට නටුව දෙසටත් ඉදෙන්නේ ඇයි.?

විදුසමය සැප්තැම්බර් කලාපය-2017

මෙය ස්වභාවධර්මයේ අපුර්ව නිර්මාණයක්.මෙසේ දෙවිදියකට ඉදිම සිදුවන්නේ බීජ ව්‍යාප්තිය වඩාත් හොදින් සිදු කිරිම සදහාය.අඹ ගස සාමාන්‍යයෙන් විශාල ශාකයක් නිසා මව් ශාකය යට තවත් පැල ඇතිවිම ප්‍රයෝජනයක් නොමැත.

එසේම අඹ ගෙඩියේ එක් බීජයක් පමණයි තිබෙන්නේ.මේ නිසා අඹ ගෙඩියේ නටුවේ සිට පහලට ඉදිම සිදුවන අතර එය ආහාරයට ගැනිමට පැමිණෙන කුරුල්ලන් එහි නටුව ආසන්නයට කෙටිමේදි එය ගසෙන් වෙන් වී බිම වැටිම සිදුවනවා.මෙහිදි කුරුල්ලන් එය වෙනත් තැනකට රැගෙන ගොස් ආහාරයට ගෙන අඹ ඇටය එහි දමා යනවා.මේ නිසා නව අඹ ඇට මව් ශාකයෙන් ඇතට විසිරි යාම සිදු වනවා.

පැපොල් ගස සාමාන්‍යයෙන් කුඩා ශාකයක් මෙන්ම එය දිගු කාලයක් පවතින ශාකයකුත් නොවේ.එසේම පැපොල් ගෙඩියේ ඇට විශාල සංඛ්‍යාවක් පවතිනවා.මෙහි අග කොටස ඉදි ඇති විට සතුන් එය පහල සිට ආහාරයට ගැනිමේදි ඇට බිමට වැටී ශාකය අවට විසිරි යනවා.මේ නිසා අලුතෙන් ඇතිවන පැල වලට ද මව් ශාකය අවට වර්ධනය වීම සිදු වනවා.මෙහිදි ශාකය අවට වර්ධනය වීම සිදු වනවා.මෙහිදි ශාකය විශාල නොවන නිසා ඉඩකඩ ප්‍රශ්ණයක් ඇති වන්නේ නැ.

මේවැනි නවතම පර්යේෂණ තොරතුරු විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.

www.tap.lk

Show More

Related Articles

Leave a Reply

Back to top button