
ලුනු සහ සුදු ලුනු දෙවර්ගයම තුළම සල්ෆර් එනම් ගෙන්දගම් අඩංගු ඇමයිනෝ අම්ල තියෙනවා. මින් එකක් සල්ෆර් ප්‍රොපිනයිල්සිස්ටින් සල්ෆොක්සයිඩ් ලෙස හදුන්වනවා.මෙම රසායනික සංයෝගය මත එන්සයිම ක්‍රියාකිරිම නිසා තවත් සංයෝගයක් ජනිත වෙනවා.එය ප්‍රොපන්තයිල් සල්ෆර් ඔක්සයිඩ් ලෙස හදුන්‍වනවා.මෙය වාෂ්පශීලී සංයෝගයක්. එය ඇස් වලට ඇතුඵ වූ විට කදුලු ගලනවා.මෙහිදී සිදුවන්නේ ඇස මතුපිට උද්දීපනය වීමක්. එහි සැර බාල කිරීමටයි කදුඵ උනන්නේ.
එහීදී තත්වය තවත් බරපතල වෙනවා. ජලය සමග දියවීමේදී ප්‍රොපන්තයල් සල්ෆර් ඔක්සයිඩ් තවත් සංයෝග ගණනාවකට වියෝජනය වෙනවා.ප්‍රොපයිල් මද්‍යසාරය සල්‍ෆියරික් අම්ලය සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් එම සංයෝගයයි. මෙිවා කදුළු ගැලිමට සලස්වන ද්‍රව්‍යයයි.කදුළු මගින් කරන්නේඑවා දියාරු කර සොදා හැරිමයි.ලුනු පොතු හරින විට හෝ කපන විට මෙම කදුළු ගැලිමෙන් බෙිරිමට නම් එම වාශ්ප ඇසට ඇතුළු විම වැළක්විය යුතුය.මෙය සිදු කිරිමට නම් වතුර යට තබා පොතු ඇරිම,පෙති ගැසිම කරන්න පුළුවන්.එහෙත් එය ලුනුවල ආවේණික රසය ඉවත් විමට හේතු වෙනවා.ඇසට ඇස් වැසුමක්( ගොග්ල් ) පැළදිම මෙන්මඅත හැකි තරම් දික්කර තබා ගැනිම ඇස් වසා මෙම කාර්යය කිරිම එලෙස කදුළු ගැලිම අඩුකර ගැනිමට ගත හැකි ක්‍රියාමාර්ග වේ



