Editor Letters කතෘ වැකි

කඩොලාන ශාක ප්‍රජාව ගැන අප දැනුවත්ද ?

Vidusamaya Viddya Sagarava- September Kalapaya

මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික පරිසරය වැනසීම වර්තමානයේ බහුලව දැකිය හැකිය.සංවර්ධන කටයුතු සදහා යම් යම්  ප්‍රදේශ වල විවිධ ක්‍රියාකාරකම් සිදුකිරිම අවශ්‍ය වන බව අවිවාදිතයි.නමුත් මුළු මහත් පරිසරයම මේ වෙනුවෙන් වනසා දැමීම අනුමත කල හැකි ක්‍රියාවක් නොවෙයි.

අපේ රටේ විවිධ ප්‍රදේශ වල පිහිටා ඇති කඩොලාන මෙන්ම කලපු ආශ්‍රිතව ඇති අනෙකුත් විවිධ ශාක හා සත්ත්ව ප්‍රජාවටද අත්වි ඇත්තේ සංවර්ධනයේ නාමයෙන් විනාශයක්ම පමණි.මුළු රටේම භූමි ප්‍රමාණය හා සලකා බැලු විට මෙරට තෙත් බිම් ආශ්‍රිත කඩොලාන ශාක ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි.මෙසේ සුළු ප්‍රමාණයකින් කඩොලාන ශාක සහිත ප්‍රදේශ පැවතියත් එවායින් සිදුවන මෙහෙය අතී විශාලය.

විවිධ ප්‍රදේශ වල පිහිටා ඇති කඩොලාන වලින් විවිධාකාර සේවාවන් පරිසරය ආරක්ෂා විම අරඹයා සිදු වේ.වෙරළාශ්‍රිතව ඇති කඩොලාන වලින් වෙරළෙ පස සවි විම මගින් මුහුදු ඛාදනය අවම කිරිමටද විශේෂයෙන් සුනාමි වැනි අපදා අවස්ථාවලදි ගොඩබිම ආරක්ෂා කරගැනිමට සුවිශේෂ කාර්යභාරයක් මෙම කඩොලාන ශාක වල මුල් අතර කාලයක් පුරා වැලි පස් හා රොඩු රදවා ගැනිම නිසා එම ප්‍රදේශ වල ඉවුරු ශක්තිමත් වීමද සිදුවනවා.කඩොලාන පරිසරය ආශ්‍රිතව විවිධ මත්ස්‍යයන් ,ඉස්සන්,කකුළුවන් ආදී සතුන් මෙන්ම විවිධ කුරුල්ලන් තම වාසස්ථානය කරගෙන ජීවත් විම නිසා ධීවරයන්ට මෙන්ම සංචාරක කර්මාන්තයේ නිරත වන්නන්ට ආර්ථික වශයෙන් ඉතා ප්‍රයෝජනවත් වනවා.මේ ආකාරයට සුවිශාල ප්‍රයෝජන ලැබෙන කඩොලාන ප්‍රජාව විනාශ විම මගින් ගැටලු රාශියක් පැන නැගිමට හැකියාව තිබෙනවා.කඩොලාන ශාක ප්‍රජාව ගැන සාමාන්‍ය ජනයා අතරද පාලකයන් අතරද හරිහැටි දැනුවත් වීමක් නොමැති බව ඔවුන් සිදුකරනා විවිධ ක්‍රියාකාරකම් දෙස බැලිමේදි පසක් වෙනවා.මේ නිසා වගකිව යුතු ආයතන මේ සම්බන්ධව රටවැසියා දැනුවත් කිරිමට වැඩි වැඩියෙන් අවධානය යොමු කල යුතුය.

එමගින් කඩොලාන ශාක ප්‍රජාව ආරක්ෂා කරගැනිමට දැනට ක්‍රියාත්මක කර ඇති සංරක්ෂණ වැඩසටහන් වලින් අපෙක්ෂිත ඉලක්ක සපුරා ගැනිම පහසුවනවා පමණක් නොව ජනතාවද උනන්දුවෙන් කඩොලාන ප්‍රදේශ ආරක්ෂා කරගැනිමට නිතරම උත්සහ කරණු නිසැකය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close