Editor Letters කතෘ වැකිFocus අවධානයMagazine Articles

ළමුන් හා වැඩිහිටියන් ශ්‍රව්‍යාබාධිතයන් නොකරමු

Vidusamaya Science Magazine September

නීරෝගි පුද්ගලයන් රටක සමාජයට ඉතා  වටිනා වස්තුවකි.එහෙත් සමාජයේම නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා රටක පුද්ගලයන් රෝගීන් වනවා නම් එය රටේ මහත් අවාසනාවකි.ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රවණාබාධවලින් පෙළෙන බව සංඛ්‍යා ලේඛණ වලින් දැක්වේ.එය ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ සංඛ්‍යාවකි.

මෙම ශ්‍රවණාබාධ සියල්ලක්ම යථා තත්වයට පත්කල නොහැක එවා නොවන බව තතු දන්නා අයගේ අදහසය.ඹෟෂධ හා ශල්‍යකර්ම මගින් සුව කළ හැකි ශ්‍රවණාබාධ සුව කිරිමට අපේ රටේ මේ සදහා පුහුණුවක් ලත් වෛද්‍යවරුන් සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයෙන් නොමැති බව සදහන් වෙන අතර මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවය ලැබීමට එම රෝගීන්ට අවස්ථාව මගහැරි තිබේ.

කෙසේ නමුත් ශ්‍රව්‍යාබාධිතයන්ගේ සංඛාව ඉහළ යෑමට බලපා ඇති එකම හේතුව එය නොවන බව නම් සදහන් කල යුතුමය.ඒ සදහා තවත් හේතු රාශියක් බලපා ඇති බව නම් පැහැදිලිය.වෛද්‍ය හිගයට පිළියම් යෙදිමට කල්ගතවුවත් අනෙකුත් හේතු සදහා පිළියම් යෙදිම එතරම් අපහසු කාර්යයක් නොවන බව බැලු බැල්මට ඕනෑම කෙනෙකුට අවබෝධ වේ.මේ සදහා සියලුම දෙනාම මේ සම්බන්ධව අවබෝධය ලබා තිබීම ඉතා වැදගත් වෙනවා.

උදාහරණ වශයෙන් අද දවසේ සෑම තැනම දක්නට ලැබෙන ඝෝෂාකාරි සංගීත නාදවලට එකදිගට නිරාවරණය වීම පුද්ගලයෙකු බිහිරි භාවයට පත් කරවීමට තරම් වුවද ප්‍රතිඵල ගෙනදෙන බව ඔප්පු වී ඇත.මේ හේතු කොටගෙන අධික ශබ්ද නංවන සංගීත සංදර්ශන මෙන්ම සංගීත උපකරණ වලටද ශබ්ද සීමාවන් ඇතැම් රටවල පනවා තියෙනවා.

අපේ රටේ කර්මාන්තශාලා වල පිටවන අධික ශබ්දයෙන් නැගෙන හඩ මැද්දේ එක දිගට සේවයේ නිරතවන සේවකයන් නොසැලකිල්ල නිසා බිහිරි භාවයට පත්වීමේ අධි අවධානමක් දරයි.මෙවැනි ප්‍රතිඵල ඇතිවිම අවම කරගැනිමට කොතෙකුත් උපක්‍රම වර්තමානයේ පැවතුනත් සේවයේ යෙදෙන අය මෙන්ම සේවය ලබා ගන්නා දෙපාර්ශවයම මෙම තත්වය ගැන සැලකිලිමත් නොවීම කණගාටුදායක කරුණකි.මෙවැනි අවදානමකින් මිදිම සදහා අවශ්‍ය අයට කන් ආවරණ පැළදිම දිරිමත් කිරිම මෙන්ම අදාළ උපකරණවලට ශබ්ද පරිවාරක යෙදිම අතපසු නොකර වහා සිදුකල යුතු කාර්යයකි.නැතහොත් සිදුවනුයේ නිකරුනේ  ශ්‍රව්‍යාබාධිතයන් පිරිසක් බිහිවි රටේ ඉදිරිගමන අඩාල වීම පමණයි.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close