Editor Letters කතෘ වැකිFocus අවධානයMagazine Articles

එල්නීනෝ තත්වයෙන් බැටකන අපේ කෘෂිකර්මාන්තය

el nino climate will sweep away Our agriculture

දැනට වසර දෙකක කාලයක සිට රටේ වර්ෂාපතනයේ ඇති වි ඇති විෂම රටාව නිසා බොහෝ වගා බිම් වලට ජලය නිසි ලෙස නොලැබි යාම නිසා බොහෝ ප්‍රදේශ වල වගා කටයුතු ඉතා නරක ලෙස බිද වැටී තිබෙනවා. ජාත්‍යන්තර කාළගුණ විශේෂඥයන්ගේ මතයට අනුව දැනට ලෝකයේ ඇති වි ඇති එල් නීනෝ කාළගුණික තත්වය වසර කිහිපයක්ම බොහෝ විට 2020 න් එහා තරම කාලයක් බලපැවැත්විමට ඉඩ ඇති බව සදහන් කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ සංවර්ධනය වන රටවල් 98% පමණ මෙම තත්වය නිසා පිඩාවට පත් විය හැකි බවය. දන්නා කාලයේ සිට සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් වන ලංකාවට මෙම තත්වයෙන් ගැලවිමක් නම් නොමැති වනු බව සක්සුදක් සේ පැහැදිලි වන කරුණු කාරණා දැනටමත් විද්‍යමාන වී හමාරය. රටේ තැනක ගං වතුර උවදුරත් තවත් දැනක නියං උවදුරෙනුත් පීඩා විදිණු දක්නට ලැබිම ක්‍රමයෙන් සුලභ සිද්ධියක් බවට පත්වෙමින් පවතිනවා.ආහාර බෝග රාශියක්ම දැන් දැන් විදේශවලින් ගෙන්වන තත්වයට රට පත් වී ඇති අතර ප්‍රධානතම ආහාර බෝගය වන වී වගාව අඩාල විම නිසා එම කර්මාන්තයෙන් දිවි ගෙවන අති විශාල ජනකයක් දැඩි අපහසුතාවයට පත්වි ඇති ආරංචි රට වටේන්ම අසන්න දකින්න හැකි පරිසරයක් උදාවෙල තියෙනවා.
මේ අතරවාරයේ නියගයෙන් කෘෂිකර්මාන්තය අඩාල නොවි රටේ ආහාර බෝග නිෂ්පාදනය වඩ වඩාත් ශක්තිමත් කර ගැනිමේ අරමුණු පෙරදැරිකරගෙන වගා සංග්‍රාමයක් ආරම්භ කිරිමට රජය කටයුතු කර ඇත. මෙම වැඩසටහනින් රජය අරමුණු කරගෙන සිටිනුයේ නියං රකුසාගෙන් හා ගංවතුර රකුසාගෙන් රටේ කෘෂිකර්මාන්තයට හානි විමට නොදි ආහාර නිෂ්පාදනය වැඩි කිරිමය. වගා නොකෙරන ඉඩම් යලි වගා කිරිම,වගා කරන ඉඩම් වල තුන්වන කන්නයක් ඇරඹිම ඉතා කලෝචිත හොද යෝජනාය.
වැඩ සටහන් හා තේමා පාඨ කොතරම් අලංකාර වුවත් සිත් ඇද ගන්තා වුවත් පරණ පුරුදු සාමිපලයට රාජ්‍ය ආයතන වැඩකලහොත් මෙම වැඩසටහනටත් බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගැනිම සිහිනයක්ම වනු ඇත. මෙ නිසා රාජ්‍ය ආයතන හා ඒවාට සම්බන්ධ කර ඇති පෞද්ගලික ආයතන වල මනා සම්බන්ධි කරණයක් ඇති කර එවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරවිම රජයට ඇති ප්‍රභල අභියෝගයක් වනු නොඅනුමානය.

විදුසමය විද්‍යා සගරාව -නොවැම්බර් කලාපය

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close