Did you knowඔබ දන්නවාදMotor Mechanic මෝටර් මැකැනික්Technology

වාහන වල රේඩියේටර් කළු පැහැයෙන් යුක්ත වන්නේ ඇයි ?

Vidusamaya Science Magazine 2018

වාහනයක එන්ජිම ක්‍රියාකරන විට දහනය වන ඉන්ධන වලින් අධික තාපයක් නිපදවෙනවා. මෙම තාපය ඉවත් කිරිම සදහා සිසිලන පද්වතියක් වාහන වල නිර්මාණය කර තිබෙනවා. එහිදි එන්ජීමේ දහන කූටීරය වටා ජලය ගමන් කිරිමට සලස්වා ඇති අතර මෙම ජලය එහිදි තාපය උරා ගෙන එන්ජීම සිසිල් කිරිම සිදුකරණු ලබනවා. රේඩියේටර වෙත යැවෙන්නේ මෙම උණුසුම් ජලයයි. රේඩියේටරයෙන් මෙම උණුසුම් ජලය සිසිල් ජලය බවට පත් කර නැවත එන්ජීමේ දහන කුටිය වටා යවයි.කළු පැහැති වස්තු මගින් විකරණය මගින් තාපය පිට කිරිම සිදු කරණු ලබනවා. රේඩියේටරයේ සිසිලන ක්‍රියාව කාර්යක්ෂම කිරිම සදහා මෙසේ එය කලු පැහැයෙන් යුක්ත විමෙන් ඉතා ඉක්මණින් තාපය පිට කිරිමට උපකාරි වේ.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close