Did you knowඔබ දන්නවාදEnvironment පරිසරය

වියලි මුහුදු වැලි මත ඇවිදිමට වඩා පහසුවෙන් තෙත වෙරළ තීරයේ ඇවිදීමට පහසු ඇයි ?

මෙම සංසිද්ධිය ප්‍රධාන වශයෙන්ම ජලය නිසා ඇතිවේ. වියළි වැලි මත අඩිය තැබු විට වැලි කැට වල එහා මෙහා විමට නිදහස වැඩි බැවින් ගමන් කිරිම අපහසු කරවයි. නමුත් තෙත වැලි වල ඇති වැලි කැට එවා එකිනෙක වටා ඇති ජල තට්ටුවකින් වෙන්ව පවති.
වැලි කැට හා ජලය යන දෙවර්ගයම සෑදි ඇත්තේ අණු වලිනි. ජල අණු අතර එකිනෙක මත ආකර්ෂණයක් ඇති වන අතර එවා එකිනෙකින් වෙන් කිරිමට උත්සහ කිරිමේදි එ සදහා ප්‍රතිරෝධි බලයක් ඇතිවේ.
මේ ආකාරයට එකම වර්ගයේ අණු එකිනෙකට බැදි පැවතීමට දක්වන කැමැත්ත සංසික්ති ( Cohesion ) බලය ලෙස හදුන්වනවා. එසේම ජල අණු වැලි අණු වලටද ආකර්ෂණයක් දක්වනවා. මෙසේ එකිනෙකට වෙනස් අණු වර්ග එකිනෙක බැදී සිටිමට දක්වන කැමැත්ත ආසක්ති ( Adhesion ) බලය ලෙස හදුන්වයි.
තෙත වැලි අතර ජල අණු හා වැලි අණු ඉතා විශාල සංඛ්‍යාවක් මෙම සංසික්ති හා ආසක්ති බල වලින් බැදි තිබිම නිසා සැලකිය යුතු තරමේ ප්‍රබල බන්ධන බලයකින් එකිනෙකට ආසන්නව ඇති තෙත වැලි අණු එකිනෙකට අලවා තබා ගැනිමට උපකාරි වේ.
මේ නිසා යමෙකු තෙත වැලි තීරයක ඇවිදින විට වැලි එකිනෙකට ඇලි පවතින නිසා වියලි වැලි ඇති තැනක ඇවිදිමට වඩා පහසුවෙන් ඇවිදිමට හැකියාව ලැබේ.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close