
මානසික අවපීඩනය වෙනත් රෝග රැසකට අත වනන්නක්ද විය හැකියි.විශේෂයෙන්ම අධික ලෙස මානසික අවපීඩනයෙන් පෙලෙන පුද්ගලයන්ට එසේ නොවන අයට වඩා හෘදයාබාධා වැළදිමේ අවධානම හතර ගුණයකින් විතර වැඩි වෙනවා.මානසික අවපීඩනය සදහා යොදන පිළියම් මගින් නිරෝගි හදවතක් ද ඇතිකර ගැනිමේ හැකියාවක් ඇත්දැයි සෙවිමට ඇමෙරිකාවේ ඇට්ලාන්ටාහි එමරි සරසවියේ ඩොමිනික් මුසලමාන් ඇතුළු පිරිස උත්සහ කලා.මෙහිදි ඔවුන් තම අවධානය යොමු කලේ රුධිරයේ ඇති පට්ටිකා ගොනු ලෙස සැකසී ඇති ප්‍රමාණය පිළිබදවයි. මානසික අවපීඩනයට ලක්වුවන්ගේ රුධීර පට්ටිකා වැඩි ප්‍රමාණයක් එකට බැදි පවතින අතර එවායින් හටගන්නා රුධිර කැටි නිසා හෘදයබාධා ඇතිවිමේ අවධානම වැඩිබව මුසල්මාන් ඇතුළු පිරිස විශ්වාස කරනවා.එමෙන්ම නිරෝගි පුද්ගලයන්ට වඩා මානසික අවපීඩනයෙන් යුතු අයගේ ගොනු වු පට්ටිකා ප්‍රමාණය 41 % කින් වැඩි බව ඔවුන්ගේ අධ්‍යයන වලින් හෙළි වි තිබෙනවා.