Environment පරිසරයMagazine Articles

මුතුරාජ වෙල පෙරළුණු පිට හොදද

Muthuraja Wela -Negombo-Vidusamaya JULY 2017

ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් තමයි මුතුරාජවෙල වගුරුබිම් කලාපය. මෙය බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේයි පිහිටා තිබෙන්නේ. මුතුරාජවෙල කුඹුරු යාය අතීත රජ කාලයේ සාර්ථකව වී වගා කළ කුඹුරු යායක් වෙනවා. බටහිර දිශාවෙන් වෙරළ තීරයෙන් මායිම් වන මෙම විශාල භූමි ප්‍රදේශය උතුරු දිශාවෙන් මීගමු කලපුවෙන්ද දකුණින් කැළණි ගගත් නැගෙනහිරෙන් කොළඹ මීගමු මාර්ගයෙනුත් සීමා වී තිබෙනවා. මෙම සුවිශාල ප්‍රදේශය හෙක්ටයාර දසදහස් ගණනක් වෙනවා. වර්තමානයේ මෙහි වෙන්කර ඇති මුතුරාජවෙල අභය භූමියට හෙක්ටයාර 1285ක භූමි ප්‍රදේශයක් අයත් වනබව සදහන් වෙනවා. අතීතයේ කෝට්ටේ රාජධානිය පැවති සමයේ මෙය විශාල අස්වැන්නක් ලබා දුන් කුඹුරු යායක් වුනා. ඒ හා සම්බන්ද ජනප්‍රවාදද මෙම ප්‍රදේශයේ ජීවත් වන පැරණි පුද්ගලයන් අතර අදටත් ජනවහරේ පවතිනවා.මෙම වගුරු බිම් කලාපය ආශ්‍රිතව  වත්තල , පමුණුගම , කදාන , ජාඇල , සීදුව , මීගමුව නගර පිහිටා ඇති අතර විශාල ජනගහනයක් මෙම නගර ආශ්‍රිතව ජීවත් වෙනවා.

ඉතා සාර්ථකව වගාකරණු ලැබූ  මෙම සුවිශාල කුඹුරු යාය මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජනයාගේ ප්‍රයෝජනයට බොහෝ විට ප්‍රමාණවත් වුනා. මේ නිසා මෙම ප්‍රදේශයේ ජනයාට වෙනත් කර්මාන්ත වල යෙදීමට අවශ්‍යතාවයක් මතු නොවීය . ලන්දේසින් විසින් ලංකාවේ බටහිර මුහුදු බඩ ප්‍රදේශවල වෙළද බෝග වගා කිරීම තම ප්‍රධානතම කාර්යයක් ලෙස සලකා කටයුතු කලා. මෙහිදී ඔවුන් කුරුදු විශාල වශයෙන් වගා කිරීමට කටයුතු කලා.ඊට අමතරව තවත් කුඵබඩු වර්ගද වගාකලා. ඔවුන්ගේ මෙම වෙළද බෝග වගාව කොළඹ සිට පුත්තලම ප්‍රදේශයෙනුත් එපිට මුහුදුබඩ ප්‍රදේශ දක්වාම ව්‍යාප්තව පැවතුනා. ලන්දේසීන්ගේ මෙම වගා කටයුතු සදහා ප්‍රධාන බාධාවක් වුයේ , ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් සේවකයන් හිග වීම වගේම ඈත ප්‍රදේශ වල වගාකල ද්‍රව්‍ය කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට සුදුසු ප්‍රවාහන පද්ධතියක් නොමැති වීමත්ය. මෙම අවශ්‍යතා සියල්ල සපුරා ගැනීම සදහා ඔවුන් විසින් ඉතා උපක්‍රමික ලෙස ඈත පුත්තලම සිට මෙන්ම අනෙකුත් ප්‍රදේශ වල සිටද කොළඹ දක්වා ඇල මාර්ගයෙන් කැපීම සිදුකලා. මෙම ඇල මාර්ග  හැමිල්ටන් ඇල , ඕලන්ද ඇල , ජා-ඇල ආදී නම් වලින් වර්තමානයේ හදුන්වනු ලබනවා. මෙම ඇල මාර්ගය නිසා ඉතා සරුසාර මුතුරාජවෙල කුඹුරුප යායටද ලන්දේසීන් බලාපොරොත්තු වූ ආකාරයටම කනකොකා හැඩලීම සිදුවුනා. මෙම ඇලමාර්ග ඔස්සේ  පසු කාලීනව කරදිය කුඹුරු යායට ඇතුඵවීම නිසා එහි වගා කටයුතු සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනා. එතැන් සිට සම්පූර්ණ කුඹුරු යායම පුරන්වීම සිදුවිය. මෙමගින් විශාල පිරිසකට තම ජීවනෝපාය මාර්ගය අහිමිවීම වගේම එම පිරිසට වෙනත් රැකියා සදහා යොමුවීමටද සිදුවුනා.

දිර්ඝ කාලයක් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් තොරව පැවතීම නිසා මෙම වගුරු සහිත තෙත් කලාපය විශාල ජෛව විවිධත්වයකින් යුත් පරිසර පද්ධතියක් බවට පත්විය. එහි ජෛව විවිධත්වය මෙම කලාපයෙන් ගලා බසින දඩුගම් ඔය හෙවත් අත්තනගලු ඔය නිසාද මීගමුව කලපුව නිසාද වඩ වඩාත් වැඩි විය. මෙම පරිසර පද්ධතියේ විශාල පක්ෂීන් සංඛ්‍යාවක් ජීවත් වනවා.ඒ අතර දේශිය පක්ෂීන් මෙන්ම විදේශීය සංක්‍රමණික පක්ෂීන් ද දක්නට ලැබෙනවා. විවිධ කොක්කු වර්ග , ලිහිණියන් , සිලිබිල්ලන් ද විදේශීය පක්ෂීන් අතරින් කැස්පියන් මුහුදු ලිහිණියා
,  අවිච්චියා , සේරුවා  ආදී පක්ෂීන් බහුලව දැකීමට පුලුවන. මෙ‍ම පරිසර පද්ධතිය කිවුල් දියෙන් යුක්ත බැවින් එයටම ආවේනික වූ කඩොලාන පරිසරයකින්ද , දහස් ගණනක් වූ උභය ජීවීන් මෙන්ම ඉබ්බන් , කිඹුලන් , දෙපත් නයි , දියබරියා , පිඹුරා ආදී විවිධ උරගයන්ද විවිධ සමනලයන්ද විවිධ කෘමි විශේෂ  හා ජලඡ පැලෑටි වලින්ද ස්වයංපෝශිත වූ පරිසර පද්ධතියක් බවට පත්වී තිබෙනවා. මෙම පරිසර පද්ධතියේ විශාල සත්ත්ව හා ශාක වර්ග ගණනාවක් ජීවත් වෙනවා. මේ නිසා විශාල පිරිසකට මෙම පරිසර පද්ධතිය තමන්ගේ ජීවනෝපාය සලසාගැනීමට උපකාරී වී ඇතැයි බැලු බැල්මටම අවබෝධ වෙනවා. විවිධ ඉස්සන් වර්ග , කකුඵවන් වර්ග මෙන්ම මසුන් අතරින් ඉලත්ති , කොරළි , ආදී සතුන් බහුලවම අල්ලාගනු ලබන සතුන් වනවා.  විශේෂයෙන් මීගමුව , පිටිපන , පමුණුගම අවට ධීවර පවුල් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් මෙම පරිසර පද්ධතිය නිසා තම රැකියා අවස්ථා සලසා ගෙන තියෙනවා.

ඒ අතර මෙම පරිසර පද්ධතියේ බටහිර වෙරළ කලාපයේ මීගමුව මෙන්ම ලංකාවේ වීශාලතම ධීවර වරාය වන දික්ඔවිට ධීවර වරායද වර්තමානයේ සංවර්ධනය වි තිබෙනවා. එවායේ ඉතා විශාල ධිවර යාත්‍රා ප්‍රමාණයක් නවතා තබනු දක්නට ලැබෙනවා.මෙයට අමතරව තෙල් මෙන්ම ගෑස් ගබඩා සංකිර්ණ මෙන්ම විදුලි බලාගරද මෙම පද්ධතියේ කොටසක නිර්මාණය වි ඇත. මිනිසා මෙම පරිසර පද්ධතියට කරන බලපැම් තව තවත් වැඩිකරමින් වර්ථමානයේ කැළි කසල බැහැර කිරිම සදහද මෙම භුමි ප්‍රදේශ යොදා ගැනිමට බළධාරින් කටයුතු කරමින් සිටිනවා. මෙම කැළි කසල තර්ජනයට ප්‍රදේශයේද ජනතාව විරෝධතා දක්වමින් මෙම ක්‍රියාකාරකම් අවම කිරිමට උත්සහ ගන්නා අයුරු දිනපතා අසන්නට ලැබෙනවා. මෙම තෙත් බිම්වගුරු පරිසර පද්ධතිය විවිධ පළතුරු, ඵළවළු වර්ග වගා කරන ප්‍රදේශක් ලෙසද කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල ගංවතුර පාලනය කිරිමට ද ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ධිවර කර්මාන්තය හැරුණු කොට මෙම පරිසර පද්ධතිය ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන තවත් කර්මාන්තයක් තමයි සංචාරක කර්මාන්තය. මෙම පරිසර පද්ධතිය ඉතා මනහර සොබා සෞන්දර්යකින් හෙබි කලාපයක් විම නිසා දෙස් විදෙස් සංචාරකයින් අතර මෙය ඉතා ජනප්‍රියව තිබෙනවා.

මෙහි පවතින ඇළ මාර්ගද කඩොලාන තිරය කුරුළු උයන ප්‍රදේශද සංචාරකයින්ට පරාදිසයක් මවනවා. විවිධ විදේශිය ජාතිකයන්ගේ කුට ක්‍රියාකරකම් නිසා සරුසාරව පැවති කුඹුරු යායක් , වගුරු බිමක් බවට පත්වි ජාතියේ වාසනාවට ස්භාවධර්මයාගේ ආශිර්වාදයෙන් ජෛව විවිධත්වයෙන් අනුන පරිසර පද්ධතියක් බවට පත්වුවත් වර්තමානයේ දේශිය බළධාරින්ගේ ක්‍රියාකරකම් නිසා මෙම පරිසර පද්ධතිය අනාගතයේ කොතැනින් නතරවේදැයි පැවසිමට නොහැකි අයුරින් තත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පවතිනවා.එය මතුපරපුරට යහපත් අයුරින් ඉතිරි කරදිම සැම ශ්‍රි ලාංකිකයෙකුගේම වගකිමකි.

.

 

 

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close