EducationalFocus අවධානය

බොනවද ඇල්කොහොල් 01

විදුසමය විද්‍යා සගරාව නොවැම්බර් 2017

සමහර විට විනෝදය ලැබිමටත් සමහර විට දුක තනිකම පාලුව මගහරවා ගැනීමටත් නැතිනම් කාලය කා දැමීම උදේසාත් සමහර පුද්ගලයන් මත්පැන් පානය කිරීමට පුරුදු වෙලා තියෙනවා.මිනිසුන් පාවිච්චි කරන මත්පැන් අතර වයින්, බියර්, අරක්කු, විස්කි, බැන්ඩි, රා, කසිප්පු ආදි …නොයෙකුත් වර්ග විශාල ගනනක් දක්නට ලැබෙනවා.ඉතින් මේවා විවිධ විවිධ ප්‍රමාණ වලින් එක් එක් ප්‍රදේශවල රටවල පුද්ගලයන් පානය කරනවා.ලංකාවේ අපේ අය නම් බඩ පිරෙනකම්ම මත්පැන් පානය කිරිමට පුරුදු වෙලා ඉන්නේ, මත්පැන්  සොයාගත්ත දවසේ ඉදලාම වෙන්න ඇති.ඒ තරමට ලංකාවේ අය මත්පැන් වලට ගිජු කමක් දක්වනවා.

ඔබ දන්නවාද ලංකාවෙ මත්පැන් ඒක පුද්ගල පරිභෝජනය යුරෝපයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වගේ පස් ගුණයක් වනවාලු.ඊටත්වැඩිය විශේෂ කරුණ වන්නේ යුරෝපයේ ජනගහනයෙන් සීයයට 95 පමණම මත්පැන් පානය කලත් ලංකාවේ මත්පැන් පානය කරන්නේ මුළු ජනගහනයෙන් සීයයට 40 පමණ දෙනෙක් විතරයි කියලා සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙනවා.එකෙන්ම තේරෙනවානේ මත්පැන් පානය කරන අය කොහොම බීමක් බොනවද කියලා.

මත්පැන් පානය කල විට මොකද වෙන්නේ ?

කෙනෙකු මත්පැන් පානය කල විගස එහි ඇති ඇල්කොහොල් විනාඩියකට ආසන්න කාලයක් තුලදි රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වනවා.මෙම ඇතුළු වන ඇල්කොහොල් රුධිරය තුල උපරිම සාන්ද්‍රණයට විනාඩි 45 පැයක් ඇතුලත කාලයක් තුලදි ලගාවෙනවා.

රුධිරයට ඇතුළු වු ඇල්කොහොල් ශරිරයේ ආරක්ෂක පද්ධතිය විසින් ශරිරයට හානිකර රසායනික සංයෝගයක් ලෙස හදුනාගෙන එය ශරිරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා.මෙහිදි ශරිරයේ අක්මාව ක්‍රියාකාරී වී ඇල්කොහොල් වෙනත් රසායනික ද්‍රව්‍ය බවට බිද හෙලිම පටන් ගන්නවා.

අක්මාවේ ඇති ඩිහයිඩජනෙස් එන්සයිමය මගින් ඇල්කොහොල් ඇසිටැල්ඩිහයිඩ් සංයෝගයක් බවට පරිවර්තනය කරනවා.මෙම ප්‍රතික්‍රියාවන් තවදුරටත් සිදුවී ඇසිටැල්ඩිහයිඩ් ඇසිටික් අම්ලය බවට පත්කරනවා.මෙම ඇසිටික් අම්ලය තවදුරටත් බිදවැටිමට ලක්වෙලා මේද අම්ල කාබන්ඩයෝක්සයිඩ් හා ජලය බවට පත්වනවා.

තවත් කොටසක් ඉදිරියේදි…

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close