Motor Mechanic මෝටර් මැකැනික්Technology

නවීන මොටර් රථ තාක්ෂණය -01

Diagnostic Trouble code

Diagnostic trouble codes, නවීන මෝටර් රථ තාක්ෂණය 1
පළමුවෙන්ම මේ ලිපි කිහිපයෙන් මා අදහස් කරනුයේ නවීන රථවාහන ⁣වල දෝෂ සෙවුම් යාන්ත්‍රණය හා සබැඳි DTC (diagnostic trouble codes) නිවැරදිව කියවීම දෝෂ හඳුනාගැනීම හා දෝෂ සමනය කිරීම පිළිබඳව ක්‍රමානුකූලව අවබෝධයක් ඔබ තුළ ඇති කිරීම මගින් නවීන තාක්ෂණය කාර්යක්ශමව භාවිතය පිළිබඳ ඔබ සතු දැනුම වැඩිදියුණු කිරීමයි.
නවීන රථවාහන වලට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය එකතුවීමත් සමඟම පෙර තිබූ යාන්ත්‍රික කොටස් බොහොමයක භාවිතාව අවම කර ඒ වෙනුවට ක්‍රියාකාරිත්වයෙන් ඉහල නිරවද්‍යතායෙන් යුතු විදුලියෙන් ක්‍රියාකරන කොටස් බොහොමයක් භාවිතා කිරීමට රථවාහන නිශ්පාදකයන් පෙළඹිණි. පුද්ගල ආරක්ෂාව සහ විමෝචන පිළිබඳව පැනවුණු ඇතැම් නීති මේ වෙනසට තදින් බලපෑ බව නම් කිව යුතුමය. තවද තරඟකාරීත්වය නිසා තම නිශ්පාදනවල ඇති උපාංග ප්‍රමාණය සහ ආකර්ෂණීය බව වැඩි කරගැනීමටද නිශ්පාදකයන්ට සිදුවූ අතර ඒ වෙනුවෙන් නොයෙකුත් විදුලි උපාංග සංවේදක පරිපථ වාහන වෙත එකතු කිරීමද සිදු විය.

නමුත් මේ නිසා වාහනයක තිබූ සරල බව ක්‍රමයෙන් ගිලිහෙන්නට වූ අතර මේ සංකීර්ණ පරිපථ වල දෝෂ නිර්ණය ඉතාමත් අපහසු විය. මේ නිසා නිශ්පාදකයන් fault diagnosis ක්‍රම හඳුන්වා දුන් අතර සෑම දෝශයකටම කේතයක් ලබාදුනි. මුල් කාලයේ සැකසුම් වල blink codes ආධාරයෙන් දෝශ නිමානය ⁣කලද සංකීර්ණත්වය වැඩිවත්ම දියුණුවට පත්වූ දෝෂ සෙවුම් ක්‍රම අද වන විට satellite තාක්ෂණය හරහා ලොව ඕනෑම තැනක ඇති වාහනයක දෝෂ සෙවුම දක්වාම පැමිණ ඇති අතර මේ ක්‍රමය රථයෙන් කොටස් නොගලවා දෝෂ සෙවීම යන අරුතින් onboard diagnosis ලෙස නම් කෙරුණි.
(සන්නිවේදන ක්‍රම ,protocols,සහ obd1,2 diagnosis පසුව ලිපියක විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නිසා මෙහි සඳහන් නොකරමි ) scan tool එකක් හා බොහෝවිට මල්ටිමීටරයක් මෙහිදී අත්‍යවශ්‍ය වනුයේ මූලිකවම විදුලිමය පරිපථ සමග ගනුදෙනුව සිදුවන නිසාවෙනි.

මුලින්ම fault code එකකින් අදහස් වන දේ පැහැදිලි කරගනිමු. පහල fault code එක ⁣බලන්න..

B2462 04 global positioning system, open

මෙහි code එක මේ ආකාරයට කොටස් කර තේරුම් කරමි.

B/2/4/62 04
*1 ආරම්භක ඉංග්‍රීසි අක්ෂරය රථයේ දෝෂය අදාල කොටස දක්වයි. එය පහත පරිදි වේ.

B – body codes (includes ac &airbag)
C – chassis codes (includes abs)
P – owertrain codes (includes engine & transmission)
U – communication network bus

එම කේත අක්ෂර මේ ලෙස දැක්වෙන අතර කේතය දුටුවනම එය අදාල කොටස හඳුනාගැනීම පහසු වනසේ යොදා ඇත.

*2 දෙවැනි කොටස අංකය 0 හෝ අදාල නිශ්පාදකයාගේ අභිමතය ලෙස ඒ ඒ රථවලට විශේෂිත වු පරිපථ පද්ධති හැඳින්වෙන අංක කිහිපයක් භාවිතා වේ

0 – generic obd code
1,2,3 – manufacturer specific codes

*3 වන ස්ථානයෙහි අංකය අනුව දෝෂය කුමන වර්ගයේ එකක්දැයි දැක්වෙන අතර එය පහත පරිදි වේ.

1- fuel & air metering
2- fuel & air metering(injector circuit)
3- ignition system or misfire
4- auxiliary emmission controls
5- vehicle speed control & idle control system
6- computer output circuit
7- transmission
8- transmission
ආකාරයට බෙදා දක්වා ඇත.

*4 සහ 5 වන ස්ථානය දෝෂ විස්තරය (fault description) වෙනුවෙන් වෙන්කර ඇති අතර එය ඇතැම් විට අංකයක් සමඟ ඉංග්‍රීසි අක්ෂරයක් ද විය හැකිය.

*5 සහ 6 ස්ථාන දෝෂයේ ලක්ෂණ (symptom code) එක දක්වන අතර සාමාන්‍යයෙන් ප්‍රධාන කේතයේ උප ⁣කොටසක් ලෙස දක්වනු ලබයි..

ඉහත ආකාරයට fault code එකක් විස්තරාත්මකව කියවා ගත හැකි අතර ඇතැම් scanner tools වල කේතයට අදාල විස්තර කිරීමද දැක්වේ.

මීලඟ කොටස් ඉදිරි සඟරාවලින් බලාපොරොත්තු වන්න..
විදුසමය වෙනුවෙන් ජෙනරල් මෝටර්ස්හි ජ්‍යෙෂ්ඨ වාහන විදුලි ඉංජිනේරු ගිහාන් ඉන්දික ඩුබායි සිට

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Close
Close